(රංජිත් රාජපක්ෂ)
මස්කෙළිය සිට හඟුරන්කෙත දක්වා ධාවනය වු ටිපර් රථයක් අඩි 150 ක් පමණ ප්‍රපාතයට පෙරැලීමෙන් ටිපර් රථයේ රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට අද (13) ඇතුළත් කළ බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.
නල්ලතන්නිය සිට මවුස්සාකැලේ මංසන්ධිය දක්වා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ සංවර්ධන ව්‍යාපෘතියට ගම්පොල සිට මිශ්‍ර කරන ලද කාපට් ප්‍රවාහනය කර ආපසු ටිපර් රථය හඟුරන්කෙත දක්වා ධාවනය කරන අවස්ථාවේ දී මෙම අනතුර සිදුවී තිබේ.
නෝටන්බ්‍රිජ් ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ටැප්ලෝ හුලං වංගුව ප්‍රදේශයෙන් ටිපර් රථය මාර්ගයෙන් පිටතට පැන ප්‍රපාතයට පෙරැළී ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.
රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ටිපර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බවත් නෝටන්බ්‍රිජ් පොලිසිය කියයි.
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ටිපරය අඩි 150ක් පහළට : රියදුරු-සහයක රෝහලේ