IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජ.වි.පෙ සහෝදරයෝ ආදරය ගෙන උතුරට යති

(අංජුල මහික වීරරත්න)

සහෝදරත්වයේ දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය යාල් දේවි දුම්රියෙන් බදාදා(23)යාපනයට යෑමට නියමිතය. 

මෙවර සහෝදරත්වයේ දිනය "එක්ව අපි පියාඹමු" තේමාව යටතේ සිදු කෙරේ. 

මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් සමාජවාදී  තරුණ සංගමයේ ජාතික සංවිධායක තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා  පැවසුවේ කළු ජූලියේ කළු පැල්ලමෙන් එහාට ගොස් සහෝදරත්වයේ දිනයක් බවට පත් කිරීමට මෙරට තාරුණ්‍ය කටයුතු කරමින් සිටින බවයි.

එහි තවත් එක් පියවරක් ලෙස සහෝදරත්වයේ දිනය නිමිත්තෙන් යාල් දේවී දුම්රියෙන්  උතුරට ආදරය රැගෙන යෑමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.ඒ ගමන සඳහා එකතු වන ලෙස මෙරට තාරුණියට ආරාධනා කරන බවත්, මෙම ගමනේදී හමුවන සෑම දුම්රිය ස්ථානයකදී ම සහෝදරත්වය වෙනුවෙන් වූ විවිධ වැඩසටහන් සැලසුම් කර ඇති බවත් එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. යාපනය පුස්තකාලය ගිනි තැබීමේ ගමන ආරම්භ කළ වෛරය වැපිරූ කුරුණෑගල දුම්රිය ස්ථානයට ආදරයේ සහ සහෝදරත්වයේ පොත් , පැල සහ සිතුවම් ලබාදීමේ වැඩසටහනක් සිදු කිරීමට නියමිත බවද ගුණසේකර මහතා සඳහන් කළේය.

ඒ අනුව 23 වෙනිදා උදෑසන 6.40ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් සහෝදරත්වයේ ගමන පිටත් වීමට නියමිත අතර, පස්වරු 3ට යාපනයට ලඟාවීමට නියමිතය. 

එදින උදෑසන 8.33ට කුරුණෑගලට දුම්රිය ස්ථානයේදී පොත්පත් බෙදා දීමේ වැඩසටහනක් හා පැළ සිටුවීමේ වැඩසටහනක් සිදු කිරීමට නියමිතය. උදෑසන 10.40 අනුරාධපුරයට ලඟාවන දුම්රිය එමෙන්ම දුම්රිය ස්ථානයෙහිද පොත්පත් බෙදා දීමේ වැඩසටහනක් හා වැඩ සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.

පස්වරු 3.00ට යාපනය දුම්රිය ස්ථානයට ළඟාවීමෙන් පසු එම දුම්රිය ස්ථානයේදී  පොත්පත් ලබාදීමට සැලසුම් කර ඇති අතර, එහි සිට පා ගමනින් යාපනය ට්‍රිමර් ශාලාව වෙත ගමන් කිරීමට නියමිතය. එහි දී සංස්කෘතික උළෙලක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ. 

එමෙන් ම 24 වෙනිදා එලුවතිව් දූපතට යෑමට නියමිත අතර, එහි දී  පොල් පැළ 200ක් සිටුවීමටත්, එලුවතිව් පාසලේ සංවර්ධන කටයුතු සඳහා සහය දැක්වීමේ වැඩසටහනක් සහ එලුවතිව් දූපතේ තරුණයින් සඳහා ක්‍රීඩා උපකරණ ලබාදීමට නියමිතය. 



අදහස් (1)

ජ.වි.පෙ සහෝදරයෝ ආදරය ගෙන උතුරට යති

ටිල්වින් සීයා Monday, 21 July 2025 05:26 PM

ගිහින් එහේ තියෙන පංසල් ටික වහලා දාන විදිය සාකච්ඡා කරලා වරෙල්ලා...

:       12       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site