IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ජ'පුර දේපල කළමනාකරණ හා තක්සේරුකරණ උපාධියේ 50 වසරක විශිෂ්ටත්වය සැමරෙයි

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  දේපල කළමනාකාරණ හා තක්සේරු විද්‍යා (EMV) ආදි විද්‍යාර්තින්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද INVICTUS EMV Alumni Dinner and Fellowship මාර්තු 11 වැනි දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ Grand Ballroom හි දී පැවැත්විණි. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ දේපල කළමනාකරණ හා තක්සේරුකරණ අධයනාංශය සහ EMV ආදි විද්‍යාර්තින්ගේ සංගමය එක්ව විද්‍යාවේදී (ගෞරව) දේපල කළමනාකරණය සහ තක්සේරුකරණය  උපාධි වැඩසටහනෙහි 50 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙම සුවිශේෂ උත්සවය සංවිධානය කරන ලදී. 

විද්‍යාවේදි (ගෞරව) දේපල කළමනාකරණය සහ තක්සේරුකරණය උපාධි වැඩසටහන ශ්‍රී ලංකාවේ දේපල කළමනාකරණය සහ තක්සේරුකරණ අධ්‍යාපනය සඳහා ඇති ප්‍රමුඛතම සහ එකම උපාධිය ලෙස සැලකේ. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය උපුල් සුබසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය පී.ඩී. නිමල්, දේපල කළමනාකරණ සහ තක්සේරු විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී සහ එහි ආදි විද්‍යාර්තීන්ගේ සංගමයේ වර්තමාන සභාපතිනී උපුලි පෙරේරා, රජයේ ප්‍රධාන තක්සේරුකරු පුෂ්පා මුතුකුමාරණ, නාගරික සංවර්ධන අධිකාරියේ  අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, ආචාර්ය මණ්ඩලය  ඇතුළු ආදි විද්‍යාර්තීන් 300 ක් පමණ සහභාගී වූහ. 

 



අදහස් (0)

ජ'පුර දේපල කළමනාකරණ හා තක්සේරුකරණ උපාධියේ 50 වසරක විශිෂ්ටත්වය සැමරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6154 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 348 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site