
(උපාලි ආනන්ද)
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරාධපු පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන මහතා අද අධිකරණය හමුවේ කියා සිටියේය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නවාතැන් ගෙන සිටි දුම්රිය සංචාරක නිවාස කාමරයේ තැන තැන, ලේ පැල්ලම් දක්නට තිබූ බව ද අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරීක්ෂකවරයා, මළ සිරුර ද තිබුණේ ඔහු නිදා ගෙන සිටි ඇඳ මත නොව අදාල කාමරයේ ටයිල් කැට ඇතුරු පොළොව මත බවද අධිකරණය හමුවේ කියා සිටියේය.
සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය යම් අසනීප තත්ත්වයක් නිසා සිදුවූ ස්වභාවික මරණයක්ද නැතිනම් ඝාතනයක් ද යන්න අනාවරණය කර ගැනීමට පොලිසියට අවශ්‍ය බවද උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
එම කරුණු සැලකිල්ලට ගත්ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව නොපමාව අධිකරණයට දන්වන ලෙස තා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේය.
මෙම සිද්ධියේ මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබන මැයි මස 14 වන දින විවෘත අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතාට තව දුරටත් නියෝග කරනු ලැබීය.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මිය ගොස් සිටි අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි දුම්රිය සංචාරක නිවාසයට ගොස් අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට මළ සිරුර පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවය.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
නිහාල් Wednesday, 24 April 2024 12:10 AM
ඒ ළඟ මාලිමාවේ අය ඉන්නවා නම් මේ මරණයට ගාවලා ප්‍රවෘත්ති හදමු.
සුරංගි Wednesday, 24 April 2024 10:04 AM
ඔයා කියන්නේ අර CCTV වලින්ම දැකපු ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු අනුරාධපුර අභයවැය විහාරස්ථානයට කඩා වැදී එහි සිටි පුද්ගලයකුට පහර දීම වගේ එකක්ද?
අරවින්ද මොනරවිල Wednesday, 24 April 2024 11:20 AM
ඒ ළඟ මාලිමාවේ කවුරුවත් හිටියේ නැතත් කමක් නැහැ... අලි පොහොට්ටු ටෙලිෆෝන් හවුලේ අයට මාලිමාව පටවන්න.