IMG-LOGO

ජොනීගේ හෝටලයට පහරදුන් දස දෙනාට අත්හිටවූ සිරදඬුවම්

(මනෝප්‍රිය ගුණසේකර)

ගාලු මුවදොර ‘ගෝඨා ගෝගම’ අරගලයට පහර දීමේ සිද්ධියෙන් අතරතුර හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි  සංචාරක හෝටලයකට අලාභ හානි කිරීම සහ එහි නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රීවරයකු ඇතුලු දස දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අත්හිටවු සිරදඬුවම් අද (09) නියම කළාය.

පිළිගත් විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000/- බැගින් දඩ නියම කළ විනිසුරුවරිය ලැප්ටොප් පරිගණකයක් පැහැර ගැනීමේ චෝදනා ලැබු විත්තිකරුට රුපියල් 80,000/-ක දඩයක්ද නියම කළාය.

විත්තිකරුවන්ට වසර දෙක බැගින් නියම කළ බරපතළ වැඩ සහිත සිර දඬුවම වසර 10ක කාලයකට අත්හිටුවීමටද විනිසුරුවරිය නියම කළාය.

හෝටලයට වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට විත්තිකරුවන් දසදෙනා සූදානම් වුවත් අදාළ වන්දි බාරගැනීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අකමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා දැනුම් දුන්නේය. චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන මොහොමඩ් අනාස් මහතා ඇතුලු දස දෙනෙකි.

2022 මැයි 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි සංචාරක හෝටලයකට” එහි නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීම” ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීම ඇතුලු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී.

 



අදහස් (0)

ජොනීගේ හෝටලයට පහරදුන් දස දෙනාට අත්හිටවූ සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1131 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site