IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


’’ජාවාරම්කරුවෙක් ආගමික ගැටුම් ඇති කරන්න හදනවා’’

(යොහාන් භාසුර)

දිවැස් ප්‍රසාදිවරු ලෙස පෙනී සිටිමින් ආගම් අතර ගැටුම් ඇති කිරීමට ඇතමුන් දරණ උත්සහය පිළිකුල්සහගත ලෙස හෙළා දකින බවත් දෙවියන්වහන්සේ තෝරාගන්නා පුද්ගලයාට පමණක් ‘දිවැස් ප්‍රසාදි’ ධූරය හිමිවනවා මිස ‘දිවැස් ප්‍රසාදි’ යැයි තමන්ටම නම් කරගත නොහැකි බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

රාගම තේවත්ත ලුර්දු මාතා දේවස්ථානයේ ඉදිකළ මීසම් ගෘහය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණෝ එසේ පැවසූහ.

එම පුද්ගලයා වෙනත් ආගම්වල සහෝදර සහෝදරියන්ට අපහස කිරීමේ ක්‍රියාවලියක ද නිරතව සිටින බවත් ඔවුන් ධර්මයට නිගා කිරීමේ වැඩසටහනක ද නිරතව සිටින බවත් උන්වහන්සේ කීහ.

බෞද්ධ භික්‍ෂූන්වහන්සේ කෙනකු ලෙස පුද්ගලයෙක් අන්දවාගෙන සුව කරන්නේ යැයි පෙන්වන බව කී උන්වහන්සේ බෞද්ධයන්ගේ සිත පෑරීමට මෙම පුද්ගලයා කටයුතු කරන බව ද සඳහන් කළහ.

බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ලෙස පෙනී සිටින පුද්ගලයා ආගම් අතර ගැටුම් ඇති කිරීමේ ඉලක්කයේ සේවකයෙක් බවට පත්ව සිටින බවත් එය බෞද්ධ භික්‍ෂූන්වහන්සේගේ සිත රිදවන කටයුත්තක් බවට පත්ව ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

එම කටයුත්ත සම්පූර්ණයෙන්ම වැරදි දෙයක් වීම හේතුවෙන් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද අගරදගුරු හිමිපාණෝ සඳහන් කළහ.  

සමාජයේ ඇතමුන් තමන් ‘දිවැස් ප්‍රසාදි’ යැයි කියමින් ජනතාව මුලාකිරීමේ ව්‍යාපෘතිවලට ගොදුකරගෙන ඇති බවත් එම පුද්ගලයා කරගෙන යන වැඩපිළිවෙළට පොහොසත් සහ කෙරුමකරුවන් වන කොටසක් හහසුවී සිටින බවත් උන්වහන්සේ කීහ.

සියලු දෙනාගේම මුදල් එකතු කරමින් ඒ මනුස්සයා විශාල ජාවාරම්කරුවෙක් බවට පත්ව ඇති බව කී අගරදගුරු හිමියෝ දෙවියන් වහන්සේ ‘ජැක්පොට්’ මැෂිමක් නොවන බව ද සඳහන් කළහ.

සල්ලිකාරයෝ තවත් සල්ලි සොයන්න ‘දිවැස් ප්‍රසාදි’ යැයි කියන පුද්ගලයන් වෙත දුවන බවත් සල්ලි මැෂින්වලින් දෙනවා යැයි එතනට යන මිනිසුන් සිතන බවත් උන්වහන්සේ වැඩි දුරටත් පැවසූහ.



අදහස් (6)

’’ජාවාරම්කරුවෙක් ආගමික ගැටුම් ඇති කරන්න හදනවා’’

Thushara Monday, 23 December 2024 10:07 PM

ඔබගේ පැමිණිල්ල දෙවියන් වහන්සේට ඉදිරිපත් කරන්න. එතුමා යුක්තිය කරයි.

:       0       0

Nimal jayawardana Monday, 23 December 2024 10:27 PM

මෙවැනි පුද්ගලයින් රටින් පිටුවහල් කරන්න ඕනෑ, ආගම්වලට අපහාස කරනවට, දැඩි දඬුවම් දෙන්න ඕනෑ...!

:       0       0

Ahmed (Gulf) Tuesday, 24 December 2024 12:47 AM

මහ හොරෙක් තව පොඩි හොරෙක්ව හංවඩු ගහනවා...

:       0       0

sam Tuesday, 24 December 2024 09:11 AM

"ඔබ වහාසේ හරි. ඔය ජෙරම් කියන්නේ යකදුරෙක් . ඔකා මිනිසුන් අන්දවලා හම්බ කරනවා."

:       1       5

Hasith Tuesday, 24 December 2024 09:35 AM

"ආගාමික සංහිඳියාව කියන්නේ මොකක්ද කියලා හදුනාගත් අගරදුරු තුමෙක් ඉන්න එක වාසනාවක් . රජය මේ පාස්ටර් වලට එරෙහිව පියවර නොගන්නේ ලොකු ලොකු බිසනස් කාරයන්, ක්‍රීඩකයන්, නළු නලියන් තරහා වෙයි කියලාද?"

:       1       3

ලක්විද් Tuesday, 24 December 2024 11:53 AM

අපේ පන්සල් අටවගෙන තියෙන දේවාල, කෝවිල් ගැන අපේ හාමුදුරැවරැ මොතද කියන්නෙ?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site