IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනිම වලකාලනවාට නීතිපති විරුද්ධ වෙයි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කිරීමට තමන් විරුද්ධ වන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (09) දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී රජයේ නීතිඥ නාවින්ද ද වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජීවන්ත පීරිස් පියතුමා ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදීය.

මෙම පෙත්සම එල්. ටී. බී. දෙහිදෙණිය, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ සැලකිල්ලට ගැනිනි.

පෙත්සම්කරු දැනටමත් අධිකරණ නියෝගයකට යටත් කර ඇති බවත් ඔහු අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

පෙත්සම්කරු මේ වන විට සැඟවී සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීම වළකාලන අධිකරණය නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බවත් රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සදහන් කර සිටියේ තම සේවදායකයා කිසිදු අයුරකින් නීතිවිරෝදී කටයුත්තක් සිදු නොකළ බවත් මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා ඇති සහන සලසා දෙන ලෙසත් ය.

මෙම පෙත්සම  සැප්තැම්බර් මස 01 වැනිදා  කැදවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (6)

ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනිම වලකාලනවාට නීතිපති විරුද්ධ වෙයි

sharm warn Tuesday, 09 August 2022 01:47 PM

අපේ ජාතික ආදයම එළිපිට මංකොල්ල කාලා දාගෙන ශැපට ඉන්නා දේශපාලක හොරුන්ව අල්ලන්න නීතිපතිට බැරිද? මේ දාන සද්ද එයාලට දාන්න බැරිද?

:       0       1

mahesha Tuesday, 09 August 2022 03:58 PM

පියතුමෙක් නෙමෙයි කාදිනල් තුමා වුනත් මේ රටේ හින්දු මුස්ලිම් කතෝලික ක්‍රිස්තියානි බෞද්ධ ඔය ඕනෙම පුජක කෙනෙක් නීතියට යටයි. ඇරෙස්ට් කරන්න පුළුවන් වෙන්න ඕන.

:       8       12

mrd Tuesday, 09 August 2022 04:03 PM

තමන්ගේ පල්ලියේ බුදු පිළිමයක් තියාගෙන ගෙවල් පුච්චන්න හමුදාවට ගහන්න නීතිය කඩන්න උගන්නන ඒ අපරාධකරුවන් අල්ලද්දී ඒවාට විරුද්ධ වෙන මනුස්සයයි බුදුසරණයි කියල ලොරියේ ගහල මරන්න හොරෙන් හරක් පටවන අප්පච්චිල අතරයි ලොකු වෙනසක් නැහැ.

:       6       8

බෞද්ධයා-ජිනීවා Tuesday, 09 August 2022 04:09 PM

ලොව සැම කිස්තු බැති වෙනුවෙන් කරන යාඤාවකි මෙය.....!!!! මේ අවස්ථාවේ හැටියට ජීවන්ත පීරිස් පියතුමා අත් අඩංගුවට නොගෙන අවවාදයක් පමනක් දී නිදහස ලබා දෙන්න..!

:       12       2

Bamunuarachchi Tuesday, 09 August 2022 06:22 PM

අත්අඩංගුවට ගන්නවා විතරක් නොවෙයි ඉල ඇට දෙක තුනක් කඩන්න ඕනේ. කතෝලික බලවේගය හෙමින් ඔලුව උස්සනවා වගෙයි. බෞද්ධයින් අවදි වෙයව්

:       2       5

sam Friday, 12 August 2022 08:54 AM

ඔක්කොම නීති දාන්න හදන්නේ රට හොරාකාපු කාලකන්නි සාටකයින්ට විරැද්ධව සාධාරණ අරගලයක් කල මේ ජාතික වීරයෙක් බදු පියතුමයි, ස්වාමීන් වහන්සේලයි, රට භාරගන ඉන්න අනාගත පරපුරයි. රාජපක්ෂ හොරැ රැලම නිදැල්ලේ. මෙන්න ලංකාවේ වැනෙන නීති. මේවා සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තරය දැනුවත් කලයුතුය. විශේෂයෙන්ම ලංකාවේ වැනෙන නීතිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site