IMG-LOGO

ජීවිත 8ක් අහිමි කළ දික්කසාද නඩුව

(විමුක්ති එස් රුද්‍රිගු)

තම බිරිඳ දික්කසාද නඩුවක් ගොනු කිරීම හේතුවෙන් මුළු පවුලම ඝාතනය කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇත.

42 හැවිරිදි මයිකල් හේට් නම් මෙම සැකකරු බිරිඳට, බිරිඳගේ මවට සහ ඔහුගේ දරුවන් පස් දෙනාට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරව ඔහුද සියදිවි හානි කර ගෙන ඇතැයි යුටා පොලිසිය ප්‍රකාශ කර තිබේ.

දරුවන් පස් දෙනාගෙන් තුන් දෙනකු ගැහැණු ළමුන් බවත් දෙදෙනකු පිරිමි ළමුන් බවත් ඔවුන් වයස අවුරුදු 4 ත් 17 ත් අතර වයස් සිමාවේ පසුවූ අය බවත් යුටා පොලිසිය සඳහන් කර ඇත.

ඉකුත් 21 වැනිදා සැකකරුගේ බිරිඳ ඔහුට විරුද්ධව දික්කසාද නඩුවක් ගොනු කර ඇති අතර මෙම ඝාතන වලට හේතුව වී ඇත්තේද එය බව පෙනෙන්නට තිබෙන බව යුටා පොලිසිය පෙන්වා දී තිබේ.



අදහස් (7)

ජීවිත 8ක් අහිමි කළ දික්කසාද නඩුව

පිටිගල මිලානෝ Friday, 06 January 2023 03:46 PM

වාසය කිරීමට ලොව භයානකම රට ඇමරිකාවයි. නිතිපතා සමූහ ඝාතන සිදුවේ. ශ්‍රීලාංකිකයන් බොහෝ දෙනෙක්ට සෞඛ්‍යය ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අවශ්‍ය රක්ෂනය ගෙවාගන්න බැරි නිසයි. ඔවුන් බෙහෙත් ගෙන්වා ගන්නේ ලංකාවෙන්. නිව්යෝර්ක්හී ස්ටැටන් අයිලන්ඩ් ලාංකිකයන් දිහා බැලුවම මෙය හොදින් අවබෝධ වෙනවා. එහි සිටි ජනප්‍රිය ලාංකික ගායක යුවලක් දරු දෙදෙනාත් සමග ලංකිවට නැවත පැමිණියේ මේ චාටර්වීම තවත් දරා ගත නොහැකි නිසයි. ඔවුන් මා සමග පැවසුවේ ලංකාව ඇමරිකාවට වඩා ඔවුන්ට හොද බවකි.

:       9       22

NY YankeeFriday, 06 January 2023 11:48 PM

විසා නැතුව ඉන්න හැදුවම එහෙම තමයි

:       4       4

Don Juan Friday, 06 January 2023 03:53 PM

අවි ගත්තෝ අවියෙන්ම නසිති.

:       0       8

Namal newyork Saturday, 07 January 2023 08:26 AM

ඇමරිකාවේ මිනිස්සු මිලියන ගනනක් ඉතා හොදින් ජීවත්වෙති. තවත් මිලියන ගනනක් ඇමරිකාවට යන්නට පොරකති... ඇමරිකාවට තියා ඉන්දියාවට නොගිය පිටිගල වගේ බයියෝ නොදන්නා විකාර කියවති.

:       5       7

පිටිගල මිලානෝSaturday, 07 January 2023 03:37 PM

ලෝකයේ වැඩිම සමූල ඝාතන සිදුවන්නේ ඇමරිකාවේ.... හෙට දින ඔබේ පවුලේ කෙනෙක් මෙවැන්නකට මුහුණ දිය හැකියි. යුරෝපය, කැනඩාව, ඕස්ට්‍රේලියාව මීට වඩා ගොඩක් සුරක්ෂිතයි. සෞඛ්‍ය පහසුකම් ඉතා හොඳයි.

:       0       2

udara Saturday, 07 January 2023 08:28 AM

ලෝකෙ ඕනෑම රටක් අපරාධරාකයො ඉන්නවා... ලාංකිකයෙක් ඕස්ට්‍රේලියාවෙත් මේ වගේ වැඩක් කලා... ලංකාවේ හා ඉන්දියාවෙත් මෙවැනි දේ වෙලා තියෙනවා.. ලංකාවේ බයිජන යා ලොකයේ හොදම රට වන ඇමරිකාවට උපදෙස් දෙන්න යන එක විහිලුවක්.

:       3       6

Bishan Saturday, 07 January 2023 12:27 PM

ලෝකයේ භයානකම රට ඇමෙරිකාවලු විමල් අදහන්නෙක්ද කොහේද?

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site