IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජූලි මස විදුලි ගාස්තු සංශෝධනයක්

(යොහාන් භාසුර)

ජනවාරි සහ ජූලි මාසවලදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට අනුව ලබන ජූලි මස විදුලි ගාස්තුව සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (3) පැවසීය.

පිරිවැය පදනම්ව මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සහ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී විදුලි ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කිරීමට පසුගිය වසරේ දෙසැම්බර් මස රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ද ඒ මහතා කීය. 



අදහස් (5)

ජූලි මස විදුලි ගාස්තු සංශෝධනයක්

swene Wednesday, 03 May 2023 03:28 PM

විදුලි බිලේම සඳහන් අයුරට පිරිවැයට වඩා වැඩි මුදලක් විදුලි බල මණ්ඩලයට අප ගෙවන බව ඉතා පැහැදිලියි. නිදසුනක් ලෙස රුපියල් 7000ක් විතර අපට විදුලිබල මණ්ඩලයට ගෙවීමට නියම කළත් ඒ සඳහා වියදම වන්නේ රුපියල් 5000ක් විතර. එබැවින්, ලංවිම යනු මහජනතාව සුරා කන රාජ්‍ය ව්‍යාපාරයක් බව ඇමැතිටත් ජනතාවටත් පසක් වේවා...!

:       3       31

sunilThursday, 04 May 2023 06:55 AM

ජුලි වෙනකන් ඉන්න ඕන නැහැ. අපව මිරිකන්නේ නැතිව වහාම බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරන්න.

:       0       2

Sam Wednesday, 03 May 2023 04:45 PM

පසුගිය මාස තුන ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවෙන් වැඩ කළා... වතුර තිබුණු නිසා. වතුර නිකං ලැබෙන නිසා... ජලවිදුලි නිෂ්පාදන පිරිවැය ඉතා අඩුයි. ඒ වගේම ඉන්ධන ගාස්තු ලීටරයකට රුපියල් 150කට වැඩියෙන් අඩු වුණා. ඩිසල් විදුලි බලාගාර අවම ධාරිතාවෙන් යොදාගත් නිසා නිෂ්පාදන පිරිවැය ඉතාම අඩුවුණා... ඒ කියන්නේ පැහැදිලිව අවම 50% ගාස්තු අඩුවීමක් ජනතාවට ලැබිය යුතුයි නේද...?

:       1       19

fairoos Wednesday, 03 May 2023 04:52 PM

එහෙනම් සේවකයින්ට බෝනස් ගෙව්වානම් හරි...

:       3       7

අසාධාරණ Wednesday, 03 May 2023 05:38 PM

කාංචනා පසුගිය කාලයේ මණ්ඩලයේ එවුන්ට විවිධ සංතෝසම් සඳහා කෝටි 367 දුන්නා කියලා පුවතක් පළවුණා. කොටසක් තමුන්ටත් ඇතිනේද? ඔහේට එහෙම වුණත් අපිට නම් දැන් පවතින විදුලි බිල් ගෙවාගන්න බැරිතරම් වැඩියි. බිල් හදනකොට වියදම් හා බෙදාහැරීමේ ගාස්තු අයකිරීම හොඳටම ප්‍රමාණවත් වුණත් මොකටද ගොයියෝ? එක් එක් පාරිභෝගිකයින් සඳහා විවිධාකාරයෙන් Fixed Charge කියලා අයකරන්නේ මොකටද ඒක මණ්ඩලයේ විවිධ දීමනා අරගෙන සුරසැප විඳින අයට හා ඇමැතිවරයා ඇතුළු පාලකයින්ට ජාති ජාතිත් ඵලදෙන අපරාධයක් කියන්න පුළුවන් ඒ සමගම බිල් සඳහා SCC Levy කියලා තවත් සූරාකෑමක් කරනවා ඇත්තටම කාංචන මෙපමණ බිලක් අයකරද්දී ආයෙත් වැඩිකරන්න හදන්නේ අහිංසක මිනිස්සු ගැන හැඟීමක් ඇත්තේම නැද්ද?

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site