
(රංජිත් රාජපක්ෂ)
තම නිවසට පානිය ජලය ලබා ගන්නා ජල නළය අළුත්වැඩියා කිරිම සදහා නිවසින් කිලෝමිටර් ½ පමණ දුරකින් පිහිටි ඇළ මාර්ටගයකට ගිය 15 හැවිරිදි සිසුවකුගේ සිරුර එම ඇළ පාවෙමින් තිබියදී සොයාගත් බව නිවලපිටිය පොලිසිය කියයි.
නිවෙසට ජලය ලබාගැනීමට ඇති නළය අලුත්වැඩියාව සඳහා තනිව ගොස් ඇති අතර, පසුව එම සිසුවා නොපැමිණි නිසා එම සිසුවාගේ මව සහ සහෝදරයකු ඒ පිලිබදව සොයා බැලිමට ගිය අවස්තාවේ සිසුවා ඇළ මාර්ගයේ වැටි මියගොස්ව සිටි බවට මිය ගිය සිසුවාගේ මව නාවලපිටිය පොලිසියට දැනුම් දි ඇත.
මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි හරංගල ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි අශේන් මින්සර 15 හැවිරිදි සිසුවෙකි.
ඇළ මාර්ගයේ සිසුවා වැටි සිටින අයුරු දුටු සිසුවාගේ මව ප්‍රදේශවාසින්ගේද සහයෝගය ඇතිව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සිසුවා රැගෙන ගොස් ඇති අතර ඒ විටත් මියගොස් සිටි බවයි නාවලපිටිය රෝහල් ප්‍රකාශකයෙක් කීය.
කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා කුඩා ඇළ මාර්ගයක් හරස් කරමින් මිය ගිය සිසුවාගේ නිවසට ජල නළ උපයෝගි කරගෙන පානිය ජලය ලබාගෙන ඇති බවත්,පසුගිය දිනවල එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නිවසට ජලය නොපැමිණි නිසා ඒ පිලිබදව සොයා බැලිමට ගිය අවස්තාවේ සිසුවා ඇළ මාර්ගයේ තිබු ගලක ලිස්සා වැටි ඇළට වැටි මියගියේ දැයි යන්න පිළිබඳව නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
377
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජල නළය අලුත්වැඩියා කරන්න ගිය දරුවා ඇළට වැටිලා