IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්

(නිමල් ජයරත්න  )

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට ආසන්න භූමි ප්‍රමාණයක කුඹුක්, බක්මී ඇතුළු වටිනා ගස් වර්ග කපා විශාල දැව සංහාරයක් සිදුකර ඇති බව පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීහු සඳහන් කරති.

වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මෙන්ම ආරක්ෂක අංශවලට හොර රහසේ දිවා සහ රාත්‍රී කාලයේ    දැව ජාවාරම වසර දහයක්, පහළොවක පමණ කාලයක්ක සිට සිදුකරන අතර මේ වනවිට ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර ඇති බවද පරිසරවේදීන් කියති.

වැලිකන්ද කටුවන්විල, කුඩාපොකුණ ප්‍රදේශයේ දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙම ජාවාරම සිදුකරන අතර එම ජාවාරම සඳහා යන්ත්‍ර කියත් භාවිතා කර කපා ගන්නා දැව වාලච්චේන ඇතුළු විවිධ ප්‍රදේශවලට රාත්‍රී කාලයේ, ටැක්ටර් සහ ලොරි රථ මගින් ප්‍රවාහනය කරන බවද පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
   
ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇති මෙම දැව ජාවාරම සිදුකරන කලාපය, වර්ෂා කාලයේදී ජලයෙන් යටවන ප්‍රදේශයක් වන අතර එම කාලයේදී වන සංරක්ෂණ නිලධාරීන් හෝ ආරක්ෂක අංශ නිලධාරීන්ට එම ප්‍රදේශයට ඇතුළුවීම දුෂ්කරවීම මත ජාවාරම්කරුවන් දිගින් දිගටම මෙහි දැව ජාවාරම සිදුකරන බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කරයි.

රක්ෂිතය තුල විශාල වශයෙන් වන අලින් ගැවසෙන බැවින් රක්ෂිතය තුලට  වනජීවී නිලධාරීන්ට සහ ආරක්ෂක අංශය වලට ඇතුළත් වීමේ දුෂ්කරතාවය සැලකිල්ලට ගෙන මෙම ජාවාරම ජයටම සිදු කරන බවද ප්‍රදේශවාසීහු කියති.
 
එම වන සංහාරයට අමතරව එම ජාවාරම්කරුවන් විසින් ප්‍රදේශයේ රක්ෂිත ගිණි තබා වන සතුන් දඩයම් කිරීමද ජයටම සිදු කරන බවද පරිසරවේදී නිසා ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

අප මේ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ වැලිකන්ද අඩවි සහකාර සී,ඒ, වනසිංහ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ  රක්ෂිතයේ වටිනා ගස් කැපු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත්,එවන් මහා පරිමාණ  විනාශයක් මෙතෙක් තමන්ට වාර්තා වී නොමැති බවත්, ඒ පිළිබඳ සොයා බලා අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද කීවේය.



අදහස් (0)

ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site