(විමුක්ති එස් රුද්‍රිගු)
ජලයේ පැයට කිලෝමීටර් 20 ක වේගයෙන් පැදිය හැකි විදුලි බයිසිකලයක් හඳුන්වාදීමට නවසීලන්තය පදනම් කරගත් මන්ටා 5 සමාගම කටයුතු කර තිබේ.
නවතම මාදිලිය "හයිඩ්‍රෝ ෆොයිලර් එස්එල් 3" ලෙස නම් කර ඇති අතර එයට ඇමෙරිකානු ඩොලර් 9000 (ශ්‍රී ලංකා රුපියල් 3,289,988.70) ක මිලක් නියම කර ඇත."හයිඩ්‍රෝ ෆොයිලර් එස්එල් 3" විදුලි බයිසිකලය, ගුවන් යානයක් සහ බයිසිකලයක් එක් වී සෑදුණු දෙමුහුම් නිර්මාණයක් ලෙස හඳුන්වයි.
"හයිඩ්‍රෝ ෆොයිලර් එස්එල් 3" බයිසිකලය පදින විට පිටුපස ඇති ප්‍රචාලක කරකැවෙන අතර එමගින් විදුලි මෝටරයට බලය ලැබේ.අවශ්‍ය ප්‍රමාණයට බලය ලැබුණු පසු "හයිඩ්‍රෝ ෆොයිලර් එස්එල් 3"ගුවන් යානයක් පරිද්දෙන් ජලය මත ධාවනය වන බව එහි නිර්මාණකරුවන් පවසයි. 2500 වොට් විදුලි මෝටරයකින් "හයිඩ්‍රෝ ෆොයිලර් එස්එල් 3" බයිසිකලයට බලය ලැබේ.
දෙවැනි පරපුරේ "හයිඩ්‍රෝ ෆොයිලර් එස්එල් 3" බයිසිකලය ද්විත්ව ක්‍රියාකාරිත්වයකින් යුක්ත වන අතර විදුලි මෝටරයට බලය දීම සඳහා පැදීම අවශ්‍ය නොවේ.
ජලය මත ගමන් කරන විට පැයට කිලෝ මීටර් 11 ක වේගයෙන් ගමන් කිරීමට හැකි අතර අවම වේගය පැයට කිලෝ මීටර් 6 කි.පැය 5 ක කාලයක් ජලයේ ගමන් කළ හැක.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජලය මත යා හැකි විදුලි යතුරු පැදියක්