IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජුලියන් අසාන්ජ් අධිකරණ හමුවට

ඇමෙරිකාවේ යුද රහස් ලොවට හෙළි කළැයි චෝදනා ලැබ සිටින, විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ හිටපු සංස්කාරක ජුලියන් අසාන්ජ් අද (26) ඇමෙරිකන් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට නියමිතය.

අසාන්ජ්, ඇමෙරිකන් අධිකරණයක පෙනී සිටින්නේ, ඇමෙරිකාව සමඟ එකඟත්වයක් ඇති කර ගැනීමෙන් පසුවය.

එකඟතාවට අනුව, අධිකරණය හමුවේ පෙනී සිටින අසාන්ජ්, ඔහුට එල්ල වී ඇති හමුදා රහස් ප්‍රසිද්ධ කිරීම යන චෝදනාව සම්බන්ධයෙන් වරදකරු යැයි පිළිගැනීමට නියමිතය.

අසාන්ජ් සිය විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකන් හමුදාවේත්, ඇමෙරිකන් රජයේත් රහස් හෙළි කළේ 2010 වසරේදීය.

ඕස්ට්‍ර්ලියානු ජාතිකයකු වුවත් අසාන්ජ් වැඩි කාලයක් ජීවත්ව සිටියේ ස්වීඩනයේය. විකිලීක්ස් අනාවරණයෙන් පසු, ඇමෙරිකා ආරක්ෂක අංශ අසාන්ජ් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී, ඔහු සිටියේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරය.

අත්අඩංගුවෙන් බේරී, ඇමෙරිකාවට පිටුවහල් කිරීම වළකා ගනිමින්, අසාන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව පැතුවේය. ඒ, 2012 සිට 2019 අප්‍රේල් මාසය දක්වාය.

2019 අප්‍රේල් මාසයේ තානාපති නිලධාරීන් සමඟ අසාන්ජ් ගැටුමක් ඇති කර ගත්තේය. ඒ සමඟ ඔහුට එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව අහිමි විය. තානාපති කාර්යාලය අසාන්ජ් බ්‍රිතාන්‍ය පොලිසියට බාර දුන්නේය. 

ඉන්පසු අසාන්ජ් මේ දක්වා බ්‍රිතාන්‍යයේ බෙල්මාර්ෂ් අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිරගතව සිටි බැවින්, ඇමෙරිකන් අධිකරණය යළි ඔහුට සිරදඬුවමක් නිකුත් නොකරනු ඇත.

වරදකරු යැයි චෝදනා පිළිගැනීමෙන් අනතුරුව, අසාන්ජ්ට නිදහස ලැබෙනු ඇති බවත්, ඔහු යළි ඔහුගේ මවු රට වන ඕස්ටේ්‍රලියාව බලා යෑමට නියමිත බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

52 හැවිරිදි අසාන්ජ්ගේ බිරිඳ ස්ටෙලා සහ ඔවුන්ගේ දරු දෙදෙනා මේ වනවිටත් ඕස්ටේ්‍රලියාවේ සිටින අතර, ඔවුන් අසාන්ජ් ඕස්ටේ්‍රලියාවට පැමිණෙන තුරු බලා සිටින බවත් පැවැසෙයි.

අසාන්ජ් සහ ඔහුගේ පෙම්වතිය ස්ටෙලා විවාහ වූයේ 2022 වසරේදීය. ඒ, අසාන්ජ් සිරදඬුවම් විදිමින් සිටිද්දී, අධිකරණයෙන් විශේෂ අවසරයක් ලබා ගනිමිනි.

ඇමෙරිකාව සමඟ ඇතිකරගත් එකඟතාවයට අනුව, අසාන්ජ් ඊයේ (25) විශේෂ ගුවන් යානයකින්, පැසිෆික් සාගරයේ ඕස්ටේ්‍රලියාව අසල පිහිටි මරියානා දූපත් බලා පිටත්ව ගියේය. මෙම දූපත් ඇමෙරිකාවට අයත් වෙයි.

අසාන්ජ් පෙනී සිටිනු ඇත්තේ මෙම දූපත්වල පිහිටි ඇමෙරිකන් අධිකරණයක් හමුවේය.

අසාන්ජ් රැගත් එම කුඩා ගුවන් යානය ලන්ඩන් සිට කෙළින්ම තායිලන්තයේ බැංකොක් අගනුවරට ගොස්, එහිදී ඉන්ධන ලබා ගෙන, ඉන්පසු මරියානා දූපත් බලා පැමිණි බව වාර්තා විය.

ඇමෙරිකාව සහ අසාන්ජ් අතරේ එකඟත්වයක් ඇති කර ගැනීම සිදුවූයේ වත්මන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ රජයෙන්, ඕස්ට්‍ර්ලියා රජය කළ ඉල්ලීමක් අනුවය. තම පුරවැසියකු වන අසාන්ජ්ට එරෙහි චෝදනා ඉවත දමා, වසර 14 ක් තිස්සේ පැවැති අර්බුදය නිමා කර, අසාන්ජ්ට ඕස්ට්‍ර්ලියාව බලා එන්න ඉඩ දෙන්නැයි ඕස්ට්‍ර්ලියා රජය ඇමෙරිකාවෙන් ඉල්ලා තිබුණි.



අදහස් (0)

ජුලියන් අසාන්ජ් අධිකරණ හමුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site