IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජරා ටින් මාළු හැදූ කොම්පැණි පහකට නඩුදැමීම අතහැරලා

 

(සුජිත් හේවාජුලිගේ )

ටින් මාළු තොගයක් ප්‍රමිතියෙන් තොර බවට  නියැදි පරීක්ෂණයකින් තහවුරුවී තිබියදී පාරිභෝගික කටයුතු  පිළිබඳ අධිකාරිය ප්‍රමිතියෙන් තොර එම ටින් මාලු නිෂ්පාදනය කළ සමාගම් පහකට එරෙහිව  නීතිමය ක්‍රියාමාර්ග ( නඩු පැවරීම)  ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

අධිකාරිය ක්‍රියාමාර්ග ගෙන තිබුණේ( 2021 වර්ෂයේදී) ප්‍රමිතියෙන් තොර ටින් මාළු අලෙවි කළ වෙළෙඳසල් හිමියන්  පිරිසකට පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.

මෙම ටින්මාළු ප්‍රමිතියෙන් තොර බව  තහවුරුවී ඇත්තේ නියැදි පරීක්ෂණයකින් අනතුරුව බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

යම් භාණ්ඩයක් ප්‍රමිති හා පිරිවිතරවලට  අනුකූල නොවන සහ ප්‍රයෝජනයකට ගත නොහැකි හෝ පරිභෝජනය සඳහා නුසුදුසු තත්වයකට පත්වී ඇති බව හෙළිදරව් වන අවස්ථාවක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ  61(3) ආ වගන්තිය පරිදි එම තොග  අවස්ථාවෝචිත පරිදි  තහනමට ගෙන නීතිමය පියවර ගත යුතු බව  සඳහන් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර සේදුම් දියර වර්ගවල අන්තර්ගත ඇල්කොහොල් ප්‍රතිශතය පිළිබඳව 2021 වර්ෂයේදී  කරන ලද වෙළෙඳපොළ අධ්‍යයන දෙකක් සම්බන්ධ තොරතුරු පාරිභෝගිකයාට ලබාදීම අධිකාරය පැහැර හැර තිබුණු බවද එම වාර්තාවේ දැක්වේ.

අධිකාරියේ මහජන පැමිණිලි දුරකථන  සේවාව( 1977) සඳහා 2021 වර්ෂයේදී  ලැබී තිබූ පැමිණිලි 8056කින් පැමිණිලි  2646 ක් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණු බව එම කාර්යාලය සඳහන් කළේය.

එසේම වැටලීම් කර තිබුණේද පැමිණිලි 816 ක්  සම්බන්ධයෙන් පමණක් බව  එම වාර්තාව අනාවරණය කළේය.

ක්ෂණික ඇමතුම් සේවාවට  ලැබුණු පැමිණිලිවලින් දිස්ත්‍රික්ක හතක පැමිණිලි සම්බන්ධයෙන්  ක්‍රියාත්මකවීමේ ප්‍රගතිය සියයට  15ත් සියයට  53ත් අතරවූ බවද   එහි සඳහන් වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්ෂික වාර්තාවේය.



අදහස් (3)

ජරා ටින් මාළු හැදූ කොම්පැණි පහකට නඩුදැමීම අතහැරලා

නිහාල් Saturday, 03 June 2023 04:34 PM

අපි විස චුට්ටක් කෑවාට කමක් නෑ කියලා එයාලා ජරාව කන්න ඇති..!

:       0       1

අපි ඉ්න්නවා ඔ්න දෙයක් ගන්න Saturday, 03 June 2023 05:05 PM

ඕන එකක් මිලදී ගන්න අපේ නිලධාරීන් සහ පාලකයින් ඉන්නවා නම්, සපයන්නට තරඟ කරන්නට කවුරුත් ඉන්නවා...

:       0       0

Lala Monday, 05 June 2023 08:59 AM

දේශීය ටින්මාලූවල තියෙන්නේ ආනයනය කල කුනුවූ ලින්නෝ. ලංකාව වටේ මූදෙන් අල්ලන මාලු වර්ග වන අලගුඩු ඇටවල්ලො හුරුල්වලෝ වගේ මාලු ඇසිරීමට පාවිච්චියට නියම කල යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site