IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජෙරම් ගැන මල්වතු නා හිමිගෙන් ජනපතිට ලිපියක්

(ෂේන් සෙනෙවිරත්න)

දිවැසිවරයකු ලෙස තමන් හඳුන්වා ගනිමින් ජෙරම් ප්‍රනාන්දු නමැති තැනැත්තකු පටු ආගමික අරමුණු පෙරදැරිව මෙරට ආගමික සංහිඳියාවට දැඩි තර්ජනයක් වන අයුරින් පසුගිය දින ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය හුදු ආකාස්මික සිදුවීමක් ලෙසින් සුළු කොට තැකිය නොහැකි බවත් එය නිසි අණපනත් මගින් නීත්‍යානුකූලව පියවර ගතයුතු සංසිද්ධියක් බවත් සඳහන් කරමින් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවා ඇත.

බුදු දහමේ හරයාත්මක ඉගැන්වීම් පිළිබඳවත් තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය පිළිබඳවත් චේතාන්විතව සාවද්‍ය මත ප්‍රචාරය කරමින් ප්‍රකාශයක් කළ ආගමික අන්තවාදීන්ට විරුද්ධව වහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා අදාළ අංශ වෙත කඩිනමින් උපදෙස් දීම පිළිබඳව ද මහනාහිමියන් එම ලිපිය මගින් ජනාධිපතිවරයාට ස්තුතිය පළකර ඇත.

පසුගිය දිනක බුදු දහමේ හරයාත්මක ඉගැන්වීම් පිළිබඳවත් තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය පිළිබඳවත් චේතනාන්විතව සාවද්‍ය මත ප්‍රචාරය කරමින් ප්‍රකාශයන් සිදු කළ ආගමික අන්තවාදින්ට විරුද්ධව වහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිතුමන් අදාළ අංශ වෙත කඩිනමින් උපදෙස් ලබා දීම පිළිබඳ ප්‍රථමයෙන්ම අපගේ ප්‍රසාදය පළ කර සිටිමු.

බුදුදහමේ උතුම් මානව කේන්ද්‍රීය ඉගැන්වීම් පිළිබඳ චේතනාන්විතව සාවද්‍ය අර්ථකථන ඉදිරිපත් කරමින් සංවිධානාත්මක පිරිස් ක්‍රියාත්මක වීම පිළිබඳ ජනාධිපතිතුමන්ගේ දැඩි අවධානය යොමු කරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු. ධර්ම ද්වීපය යන විරුද නාමයෙන් පෙරාපර දෙදිග අතිසම්භාවනාවට පාත්‍රව වූ ශ්‍රී ලංකා ද්විපය ලෝකය තුළ සම්භාවනාවට පාත්‍රව ඇත්තේ උතුම් වූ සම්බුදු දහම් මූලික ස්වරූපයෙන් ආරක්‍ෂා කරන ධර්ම කෝෂ්ටාගාරය ලෙසයි.

එහෙත් රජය බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීමේ ව්‍යවස්ථාපිත වගකීමෙන් බැඳී සිටින පසුබිමක හුදු මනෝභ්‍රාන්තින් ඉදිරිපත් කරමින් බුදුරජාණන් වහන්සේට නිගා කරමින් ධර්මය පිළිබඳ විකෘති අර්ථකතන ඉදිරිපත් කිරීම ප්‍රවණතාවන් සමාජය තුළ නිර්මාණය වීම කනගාටුවට කරුණකි. මෙය බුදුදහම විනාශ කරමින් ශ්‍රී ලාංකේය සමාජයේ සදාචාරාත්මක වටිනාකම් අතුගා දැමීමේ ප්‍රයත්නයක ආරම්භ විය හැකිය.

දිවැසිවරයකු ලෙස තමන්ව හඳුන්වා දෙමින් ජේරම් ප්‍රනාන්දු නම් තැනැත්තකු විසින් පටු ආගමික අරමුණු පෙරදැරිව මෙරට ආගමික සංහිඳියාවට දැඩි තර්ජනයක් වන අයුරින් පසුගිය දින ප්‍රසිද්ධියෙ සිදු කළ ප්‍රකාශය හුදු ආකාස්මික සිදුවීමක් ලෙස සුළුකොට තැකිය නොහැකි වහා නිසි අණපනත් මගින් නීත්‍යානුකුල පියවර ගත යුතු සංසිද්ධියක් බව අපගේ විශ්වාසයයි.

බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්ගෙන් පෝෂීත ශ්‍රී ලාංකේය සංස්කෘතිය සැමදා ජන විඤ්ඤාණය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා දී උතුම් මානව ගුණයන්ගෙන් පෝෂණය කිරීමට අවශ්‍ය දායකත්වය ලබා දීමට පදනම් වී ඇත. එහෙයින් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් බුදුදහම පිළිබඳවත් සාවද්‍ය විකෘති ආර්ථකතනයන් ඉදිරිපත් කරමින් සමාජ ගැටුම් නිර්මාණය කිරීමේ පටු අරමුණු පෙරදැරිව කටයුතු කරන මෙවැනි පුද්ගලයන්ට හා සංවිධානවලට විරුද්ධව වහා නීත්‍යානුකුලව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමන් වෙත හිතාධ්‍යාශයෙන් යුතුව දන්වා සිටිම්හ.

මේ පිළිබඳ ජනාධිපතිතුමන්ගේ කඩිනම් අවධානය අගය කරන අතරම ඔබතුමන්ට රත්නත්‍රයේ ආශීර්වාදය ලැබේවා යි ආශංසනය කරම්හ.



අදහස් (7)

ජෙරම් ගැන මල්වතු නා හිමිගෙන් ජනපතිට ලිපියක්

ඇබිත්තයා Tuesday, 23 May 2023 05:33 AM

ජෙරම් ප්‍රනාන්දු නැමති මිසදිටු මුග්ධයාට දොස් කීමට වඩා බුදු දහම අදහන පිරිස් ආගම දහමෙන් ඈත්වෙමින් සිටීමටත් වහාම පියවරක් ගැනීමට කටයුතු කරන්න ඕන ඒ වගේම එහෙම මුග්ධයින් අදහන උන්ට උදව් පදව් කරන දේශපාලන නායකයින් ගැනත් ජනතාව දැනුවත් කරන්න ඕන ඒක සති අග පුවත් වල ප්‍රශ්න විචාරක වැඩ සටහන් හෝ සිරස ලක්ෂපති වාගේ රූපවාහිනී වැඩ සටහන් වලිනුත් කරන්න පුළුවන්. ඒ වගේම දහම් පාසල් දරුවො අතරේ ප්‍රශිද්ධ වාද විවාද ඇති කිරීමෙනුත් කරන්න හැකියාව තියෙනවා ජෙරම් වැනි ත්‍රස්තවාදීන් ඇතිවීමට දේශපාලුවොත් එක් හේතුවක් කියන්න පුළුවන්

:       1       0

චානක Tuesday, 23 May 2023 06:42 AM

ජෙරම්ට වඩා ශාසනයට අපකීර්තියක් ගෙන දෙන භික්ෂූන්ම කොච්චර ඉන්නවද හාමුදුරුවනේ. මේ අවුරුද්දටම ළමා අපචාරම කීයක් උනාද පන්සල්වල ? කෝ එව්ව ගැන ඔබ වහන්සේලා කථාවක් නැහැනේ...

:       2       5

මිසදුටු ජෙරම් Tuesday, 23 May 2023 07:30 AM

තෝ ජාතක කළ දෙමාපියන්ටත් තෝ ඉගනගත්තු පාසලටත් නිගාවක් . වනචර අසීලාචාර මුර්ගයෙකු සේ කට දොඩවන තොප රටින් පිටුවහල් කොට සදහටම මෙරට්න් පිටුවහල් කර දැමිය යුතුයි . අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න වලින් තමන්ගේ සාක්කුව කොටි ගණනින් පුරවා ගත්තු මේ වංචනික මිසදුටුවා ගේ සියළු දේපොළ රාජ සන්තක කර දැමිය යුතුයි.ජනාධිපතිතුමනි සුවර්ගය කන්‍යාවියන්ට ඇඳ උඩ පෙන්නු හැටි රටට හෙළිකොට මු රස්පුටින් අනුගමනය කරමින් ගෙවූ සුපිරි සල්ලාල ඩෝම් ජීවිතය රටට හෙළිකළ යුතුයි .

:       3       0

Lalla Tuesday, 23 May 2023 08:03 AM

ව්‍යාජ පූජකයින් ගැන විවාදයක් නැත. ඒ වගේම මතයක් හොර චීවරයෝ ගැනත් ගොඩ නගන්න ඕන. පන්සල්වල දේවාල අටවගත්ත වෙන අදහස් දක්වන මත පදනම්ව කටයුතුවල යෙදෙන සහ යටිකූට්ටු ව්‍යාපාර කර මුදල් හොයන අධි සුඛෝපභෝගී ජීවිත ගෙවන මහානායක උන්නාන්සෙලා ගැනත් මෙවැනිම අන්දමට ක්‍රියා කල යුතුය......

:       1       3

එමිි එමි Tuesday, 23 May 2023 09:33 AM

ලියුමක් ලිවිව නමි ඇති .යන්න එපා ඔබ වහන්සේලා පන්සලටම වෙලා ඉන්න .මොකද ඒවා හොයල බලල කතා කරන්න යන්න වාහන නැහැනෙ. ආදි කාලෙ හිටපු මහානායක හිමිවරැ ජාතිය ආගම වෙනුවෙන් පාරට බැැහැලා එඩිතරව පෙනී හිටියා. ඒත් අද ඔන්න ලියුමි ලියන්නෙ කාට කියන්නද

:       1       2

Channa Tuesday, 23 May 2023 12:09 PM

මිනිස් භවයක් ලද උතුම් මිනිසුනේ.... සන්සුන් වන්න. අන් අය ඔබව වචනයෙන් කුපිත කලද ඔබ ඔබේ වෛරීය සිතුවිලි වලට නතු නොවන්න. අන් අයට වෛර නොකරන්න. ඔවුනට සංසාරයේ කෙදිනක හෝ පව් පඩිසන් දෙනු ඇත. ජීවිතය කෙටිය. අවිනිශ්චිතය. අප්‍රමාදව පින් රැස් කර ගන්න. මා මහනෙක් නොවුනද බුදු දහමට අනුව ජීවත් වෙමි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගි වෙත්වා. සුවපත් වෙත්වා.

:       1       1

ගමේ එකාලා Tuesday, 23 May 2023 02:36 PM

දේසපාලුවන් කරන හැම දූෂණයක්ම දැක දැකත්,දැනගෙනත් කට පූට්ටු කරගෙන හිටියේ .දැනුයි කට ඇරිලා තියෙන්නේ .නායක හාමුදුරුවෝ කාලාම සූත්‍රයවත් හරියට දන්නේ නැතිව ඇති .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site