(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අනුයුක්තව දශක හතරකට ආසන්න කාලයක් සමුද්‍රීය ආවේක්‍ෂණ නෞකාවක් ලෙස අනභිභවනීය සේවයක් ඉටු කර ජයසාගර :p 601 නෞකාව නාවික හමුදාව විසින් නිළ වශයෙන් වෙරළ ආරක්ෂක බලකාය වෙත බාර දුන්නේය.
ජයසාගර නෞකාව 2021 සැප්තැම්බර් මස 30 වන දින නාවික හමුදා සේවයට සමුදුන් අතර ශ්‍රි ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් පෙරේදා (3) වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි
නාවික හමුදා සේවයට සමුදුන් ජයසාගර නෞකාව දකුණු නාවික විධානයේදී වාර්ෂික දිය යට නඩත්තු කටයුතු සහ අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් පසු දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක වෙත නිල වශයෙන් භාරදීම සිදුවිය.
මෙම නෞකාව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ක්‍ඨ 61 නමින් නම් කර ඇති මෙම නෞකාව ඉදිරියේදී වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතව ඇත'
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘ජයසාගර‘නෞකාව නිල වශයෙන් වෙරළ ආරක්ෂක බලකායට