
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට තේරී පත්වීම විශේෂත්වයකි.
මෙසේ තේරී පත් වූ පිරිස අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥවරුන්, ඝණකාධිකාරියවරුන් ඇතුළු වෘත්තිකයන් රැසක් සිටින බව එම විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පාර්ලිමේන්තුවට එකවර වැඩිම විද්‍යාර්ථීන් පිරිසක් තේරී පත්වූ පළමු අවස්ථාව මෙය බව සඳහන්වෙයි.
පාර්ලිමේන්තුවට තේරී පත්වූ එම විද්‍යාර්ථීන්ට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනටමත් සුභ පැතුම් පිරිනමා ඇත.
මෙයට අමතරව සමගි ජන බලවේගය ඇතුළු සෙසු දේශපාලන පක්ෂ වලින්ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින බව වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
Nandalal DE SILVA - France Sunday, 17 November 2024 11:22 PM
රටට දැනට අවශ්‍යම වී තිබෙන්නේ "මොල හතක්" තියෙනවා කියන ගොන් නාම්බෙක් නොව, වැඩකළ හැකි, රටට සේවයක් කළ හැකි මොල කණ්ඩායමක් බව මෙමඟින් පැහැදිලිවම සනාථ කෙරෙනවා. රට ගොඩ ගැනීමට මෙම කණ්ඩායමට ශක්තිය, ධෛර්යය, හැකියාව අනුර ජනාධිපතිගේ උපදෙස්, මග පෙන්වීම යටතේ ලැබෙනවා නියතයි.
කර්තේලිස් අප්පූහාමි Monday, 18 November 2024 02:36 AM
කොළඹ නීති පීඨයෙන් කීයද? කැලණියෙන් පේරාදෙණියෙන් නැතිද? ගිය ආණ්ඩුවෙන් කාලා එළවපූ විද්‍යාර්තයෝ කොච්චරද? ඒවත් කිව්වා නම් උත්කෘෂ්ටයි...
AnushaTuesday, 19 November 2024 08:30 AM
මිනිස්සුන්ට එක්කෝ ජාති විදිහට නැත්තං ආගම් විදිහට නැත්තං ඉගනගත්ත තැනක් හරි අල්ලං බෙදෙන්න තමා ඕන.... ඒවා පහත් මිනිස්සු ලඟ තියන බාල ගති... ලාබ මාධ්‍ය ඒවා උලුප්පලා කීයක් හරි හම්බකරගන්නවා ... npp කියන්නේ ඊටවඩා පුලුල් දැක්මක් තියන පක්ශයක් ඒ දැක්ම නිසා තමා මෙවර වැඩිපිරිසක් චන්දේ දුන්නේ... එහෙම අකමැති අය කොටසක් විරුද්ධව චන්දෙ දුන්නා... කොටසක් ගෙවල්වලට වෙලා චන්දෙ නොදී හිටියා...
ධනා Monday, 18 November 2024 07:00 AM
ජපුරේ ඉංජිනේරු පීඨයක් පටන්ගෙනත් අවුරුදු 4යි. කොහොමද ජපුරෙන් ඉංජිනේරුවෝ පාර්ලිමේන්තුවට ගියේ?
Kavidu Monday, 18 November 2024 08:42 AM
තේරී පත්වූ ඉන්ජිනේරුවන් සහ නීතිඥයන් ගේ නම් කියන්න පුලුවන්ද
Vidya Monday, 18 November 2024 09:08 AM
ජපුරේ , අතීතයේ විදුදයේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම දකින්නේ " විජ්ජා උප්පත්තං සෙට්ටා " කියලා. තේරුම දැනුම උත්පාදනය වන්නේ ශ්‍රේශ්ටයන් තුලින් කියලා. එසේ නම්: හික්කඩුවේ සුමංගල, වල්පොල රාහුල , වැලිවිටියේ සෝරත නායක ස්වාමීන් වහන්සේලාගේ ආශිවාදයෙන් ගොඩනැගුනු මෙම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබ මහජන සේවයට පාර්ලිමේන්තුවට යන අයත් ශ්‍රේශ්ටයන් වගේ රට දියුනු කොට මිනිසාට සේවයක් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
මාලති නෙළුම් ප්‍රනාන්දු. Monday, 18 November 2024 06:36 PM
විදුදය සරසවියෙන්. පාර්ලිමේන්තුවට පිවිසී විද්‍යාර්ථීන් පිළිබඳ ලොකු සතුටක් දැනෙයි. ඒ මා ද 86/87 එම සරසවියට පිවිස දිගු උපාධියක් ලැබූ අයෙක් වීමයි. ඔවුන් තුළ පවත්නා ආත්ම ශක්තිය ධෛර්යය උත්සාහය, කාර්යක්ෂමතාව, කැපවීම අපමණයි. ලක්මව අගාධයෙන් ගොඩගැනීමේ භාරදූර කාර්ය ඔබ වෙත පැවරී ඇත. වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එය ඔබට කළ හැකි බව අපි දනිමු ..ඒ සඳහා ඔබ සැමට ධෛර්ය, ශක්තිය නිරතුරුව ප්‍රාර්ථනා කරමි.