
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ජපානයෙන් මෙරටට ගෘහභාණ්ඩ ආනයනය කොට බෙදා හරින පන්නිපිටිය පොල්වත්ත හන්දිය ආසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද රාත්‍රී ඇතිවූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි මහරගම පොලිසිය පවසයි.
ගින්න සිදුවන අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරියා රැඳී සිට ඇති අතර ගින්නෙන් ඔහුට කිසිදු හානියක් වී නොමැති බව පොලිසිය කියයි.
ගින්න හට ගැනීමත් සමග කෝට්ටේ කොළඹ සහ දෙහිවල මහා නගර සභාවට අයත් ගිනි නිවන රථ හයක් සේවකයන් විසිදෙනකු සමග පැමිණ පැයක් ඇතුළත ගින්න නිවා දැමූ බව කෝට්ටේ ගිනි නිවන අංශයේ කාර්ය භාර නිලධාරී ඩී ඩී සුනන්ද මහතා පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපන් ලීබඩු අලෙවි හල ගින්නට බිලි