IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජපාන පාර්ලිමේන්තුව හදිසි අයවැයක් සම්මත කරයි

කොරෝනා වසංගතයෙන් සිදු වූ ආර්ථික විනාශයට පිළියම් සෙවීමේ අරමුණින් ජපාන පාර්ලිමේන්තුව අද (30) ඇමෙරිකානු ඩොලර් බිලියන 240 (ඩොලර් කෝටි 24,000හදිසි අයවැයක් සම්මත කරගත්තේය.
 
ජපානයේ සියලු නේවාසිකයකුටම මුදල් දීමනාවක් දීමට අයවැයෙන් තීරණය වී ඇත. සෑම නිවාස ඒකකයටම මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ගත් තීරණය වෙනස් කිරීමට සිදු වූ නිසා අයැවය නැවත ලිවීමට ද සිදුවිය.
 
රටේ සිටින සෑම පුරවැසියකුට සහ දරුවකුටම යෙන් 100,000ක් (ඇමෙරිකානු ඩොලර් 930ක්) ලැබෙන පරිදි ගෘහ ඒකකයකට පරීක්ෂණ කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට ජපාන අග්‍රාමාත්‍යවරයා මුලින් තීරණය කර තිබිණි.
 
ජපානය යනු ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටයි. අයවැයේ වටිනාකම ජපානයේ මුදලින් යෙන් ට්‍රිලියන 25.7කි. කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති ආර්ථිකය ගොඩගැනීම සඳහා අයවැයෙන් ක්‍රියාමාර්ග රැසක් ම ගෙන ඇත.
 
මේ මස මුලදී ජපාන අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක දැවැන්ත සහන පැකේජයක් ද නිවේදනය කළේය.
 
අද (28) පස්වරු 5 වනවිට ජපානයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 13,965ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 425කි.
 
.එෆ්.පී
 
055



අදහස් (6)

ජපාන පාර්ලිමේන්තුව හදිසි අයවැයක් සම්මත කරයි

DASUN Thursday, 30 April 2020 12:31 PM

මෙහෙ පාර්ලිමෙන්තුව රුස් කරන්න බයයි. මොකද කොරෝනා සල්ලි හම්බවෙන ඒවට මොනවද වුණේ කියලා මහජනතාව දැන ගනීවි කියලා... සුනාමි සල්ලි වලට මොනවද වුණේ කියලා මුලු රටම දන්නවනේ...

:       259       540

SL Thursday, 30 April 2020 12:47 PM

එකට අපේ අට පාස් පාර්ලිමේන්තුව.. කා -කොටා ගන්නවා ඇරෙන්න. උන් මේ රටට කරුමයක් ! 225 ම හැඳි ගෑවිලා යන්න ඕනේ

:       3       19

ධම්ම Thursday, 30 April 2020 02:35 PM

ඒ රටේ විරුද්ධ පක්ෂයක් නැද්ද? ආණ්ඩුපක්ෂයට විරුද්ධ වෙන්නේ නැත්නම් ඒ විරුද්ධ පක්ෂයෙන් වැඩක් තියෙනවද? අප නම් අත්දැක ඇත්තේ එහෙමයි...

:       3       12

දයාජ Thursday, 30 April 2020 05:20 PM

ඉහත ලිපියෙන් පැවසෙන්නේ, ජපානයේ දැනට තිබෙන පාර්ලිමේන්තුවෙන් හදිසි අයවැයක් සම්මත වූ වගයි.

:       1       90

nimal Friday, 01 May 2020 01:02 AM

බැසිල් ජපානෙ යෙන් විසා ඇප්ලයි කරයිද දන්නේ නැහැ. රු. 5,000 බෙදනවා වගේද? යෙන් 100,000ක් (රු. 180,000 ) බෙදන්න තියනවා නම්.

:       0       0

Walter White Friday, 01 May 2020 04:54 AM

අපිට මොකටද පාර්ලිමේන්තු? අපිට තියෙනවා රාජාණ්ඩුවක්. අපිට ඉන්නවා අපි කන්නේ බොන්නේ කොහොමද කියලා තීන්දු ගන්න රජවරු, අපිට ඉන්නවා අයියලා මල්ලිලා ඉන්න කැබිනට්. ඒවා පරණ කැබිනට් වගේ නෙවේ. ලෝකෙටම එකයි. අපි ඉලෙක්ශන් තියන්නේ අයියලා මල්ලිලාගේ බර්ත්ඩේ එකට. එදාට අපි ගිහින් අයියලා මල්ලිලාට ඒ අයගේ සට්ටඹින්ට ඡන්දේ දෙනවා. මේක ඇවිල්ලා ලෝකයේ අමුතු ඇටේ.

:       2       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site