IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජූනි මස තේමිල සියයට 40කින් පහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ තේ මිල ජූනි මස මැද භාගයේදී සියයට 40 කින් පමණ පහත වැටී ඇතැයි නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

කොළඹ තේ වෙන්දේසියේ ජූනි මස මැද භාගයේදී තේ කිලෝ ග්‍රෑමයක සතියේ සාමාන්‍ය මිල රුපියල් 965 ක් ලෙස වාර්තා වූ බවත් එය මාස 15 කින් තේ කිලෝ ග්‍රෑමයක් සඳහා වාර්තා වූ අඩුම මිල බවත් එම වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ තේ කිලෝ ග්‍රෑමයකට ඉහළම මිලක් ලැබුණු සැප්තැම්බර් මස සමඟ සසඳන විට එය සියයට 40 ක පමණ මිල පහත යාමක් බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ තේ දළු නිෂ්පාදනය මෙම වසරේ මාර්තු මාසය දක්වා පහත වැටීමක් පෙන්නුම් කළ බවත් පසුව අප්‍රේල් මාසයේදී සියයට 8ක වැඩිවීමක්ද මැයි මාසයේදී සියයට 2 ක වැඩිවීමක්ද වාර්තා කළ බවත් එම වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

තේ අපනයනයෙන් ලැබෙන ආදායම ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායමෙන් සියයට 10 ක් වන බවත් 2022 වසරේදී ශ්‍රී ලංකා රුපියල් බිලියන 411 ක අදායමක් තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති බවත් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය සඳහන් කර ඇත.

ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් ප්‍රකාශ කර සිටියේ රුපියල ශක්තිමත් වීමත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවන්ට වසන්ත කාලය උදාවී ඇති බැවින් තේ පරිභෝජනය අඩු වීමත් නැවත තේ සැපයුම ඉහළ යාමත් යන කරුණු හේතුවෙන් තේ කිලෝ ග්‍රෑමයක මිල පහල යෑමක් පෙන්නුම් කළත් ජූනි මස මැද භාගයේදී තේ කිලෝ ග්‍රෑමයක් සඳහා වාර්තා වූ යැයි පවසන මිල, තේ කිලෝ ග්‍රෑමයක් සඳහා මාස 15 කින් වාර්තා වූ අඩුම මිල නොවන බව නිසැකයෙන්ම පැවසීමට හැකි බවය.

පසුගිය ඔක්තෝබර් මස තේ කිලෝ ග්‍රෑමයක සඳහා ඉහළ මිලක් ලැබීමට හේතු වූයේ රුපියල අවප්‍රමාණය වීම, තේ සඳහා ඉල්ලුම ඉහල යෑම සහ ඉල්ලුමට සරිලන පරිදි සැපයුම ලබා දීමට නොහැකි වීම යන කරුණු බව නිරාජ් ද මෙල් මහතා පෙන්වා දුන්නේය.

 



අදහස් (2)

ජූනි මස තේමිල සියයට 40කින් පහළට

රට පෙරට ගමනේයා Thursday, 29 June 2023 06:04 AM

කුඩා තේ ඉඩම් හිමියන් දැනට ඉන්නෙ ඉතාමත් කලකිරීමෙන් තමයි තේ මිල ඉහල ගිය අඅවස්ථාවෙ දලු නෙලීමට ගෙවන ගාස්තුව වැඩිකලා ඒක අඩුකරන්න අපිට බැහැ ඉතින් අපිට ලැබෙන මුදල ප්‍රමාණවත් නැහැ කොහොම වුනත් කුඩා තේ ඉඩම් හිමියන් හිතන්නේ රජයේ ආදායම් වෙනුවෙන් මෙහෙම මිල අඩුකරල දෙනවා කියලා තමයි කොහොම වුනත් රටට විනිමය ගෙනෙන තේ වවන හා නිෂ්පාදය වෙනුවෙන් රට රැකියා කරන අයට මෙන් යම් සහනයක් දෙනවා නම් ඉතාමත් හොදයි රටේ සිදුවන්නේ අතපය හකුලාගෙන නිකං කකා බිබී සිටින එකාලට දීමත් රටට සේවයක් කරන අයට කෙනෙහිලි කිරීමත් තමයි වෙන්නෙ මෙහෙම නම් 2048 සෞභාග්‍යමත් රටක් ගැන හිතන්න කොහොමත් බැහැ

:       0       1

තේ මණ්ඩලේ හරකා Thursday, 29 June 2023 07:33 AM

අපනයන කල තේවල විදෙශීය විනිමය ලංකාවට ඒමට කලක් ගත වේ අපනයනය කල විදේශීය විනිමය එසේ පැමිණෙනවිට ලංකාවේ ඩොලරයක මිල ස්ථාවරයක නොපැවැත්වීම නිසා අපනයනකරු ඉතා විශාල පාඩුවක් දැරිය යුතු වේ. මේ හේතුකොටගෙන ලංකාවේ ප්‍රදාන තේ අපනයන කරුවන් හා සුළු අපනයන කරුවන් තේ වෙන්දේසියෙන් තේ මිලදී නොගනී, මේ කරුණු නිසා තේ මිල පහල යෑම හේතුකොටගෙන කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑමේ සිට තේ දළු නෙලීම දක්වා කඩා වැටීමේ අවදානමක ලක්වී තිබේ. තේ මණ්ඩලය යනු කිසිම වැඩකට නැති දෙනදේ කා වෙනදේ බලාගෙන ඉමු සේ යන සංකල්පය අනුගමනය කරනා තැනකි වැඩකට නැති නාඩගම් මඩුවකි fail. ලංකාදීපයට මේ වැදගත් ලිපිය පලකිරීමට ස්තුති. තේමිල සම්බන්දව කරුණු කරනා අපනයන කරුවන්ගෙන් විමසීම මිස ඔය තේ මණ්ඩලයේ ගොන් රැලගෙන් විමසා වැඩක් නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site