IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ජන අරගලයට ශක්තිය දෙන්න සජබෙන් යෝධ පා ගමනක්

(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවට එරෙහිව යෝධ පා ගමනක් ලබන 24දා මහනුවරින් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.

පාගමන මැයි පළවෙනිදා කොළඹට ළඟාවීමට නියමිතය.

මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳ යෝජනාව පක්ෂයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා විසිනි.

රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ රාත්‍රි පැවැත්විණ.

ජන අරගලයේ යෙදී සිටින පිරිස වලට ශක්තිය ලබාදීම පා ගමනේ අරමුණ බව එම පක්ෂය පවසයි.

 



අදහස් (8)

ජන අරගලයට ශක්තිය දෙන්න සජබෙන් යෝධ පා ගමනක්

කිරිපුතා Sunday, 17 April 2022 09:50 AM

ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට මඟුල්...

:       6       21

වීරවිජේSunday, 17 April 2022 07:55 PM

යොධ පා ගමනක් කිව්වේ... බරවා හැදිච්චි මිනිස්සුද යන්නේ මේකේ..?

:       1       3

chandima Sunday, 17 April 2022 10:15 AM

කොහොමහරි ඔලුව දාගන්න වගේ යන්නේ...!

:       5       22

දාස Sunday, 17 April 2022 11:00 AM

වැඩේ හොඳයි, හැබැයි අර රට වෙනුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නැතිව වැස්සට තෙමිතෙමී, අව්වට කරවෙවී... අප වෙනුවෙන් හඬනගන දරුවන් ඉන්න පැත්තට නම් යන්න එපා...

:       4       24

සුධර්මSunday, 17 April 2022 04:45 PM

දැන් ඔය අරගල භූමියේ ඉන්නේ කිසිම දේශපාලන පක්ෂෙකට අයිති නැති අයද? ඡන්ද එපා කියන අයද? නැත්නම් චීනේ වගේ එක පක්ෂයක් ඕන කියන අයද? ඔය මොඩල් එක මොකක්ද? නැත්නම් මුලින්ම බැරියර් එක කඩාගෙන ජනාධිපති පුටුව ළඟට යන කෙනාද? ඊළඟ ජනාධිපති? තරුණයින්ගේ සහ පොදු පුරවැසියන්ගේ නැගිටීම ඉතාම හොඳයි. රට ගැන ආඩම්බරයි. නමුත් අරගලයට හිසක් නැති එක තමයි තියෙන ලොකුම අඩුව. මොන බලවේගයට වුණත් පක්ෂයක්, සංවිධානයක් අවශ්‍ය වෙනවා. අනිත් එක ලංකාවේ අරගල හැඟීම්බරයි. ක්ෂණිකයි. අනුකාරකයි. මැතිවරණයක් කැඳවලා බලන්න අරගල භූමිය බෙදෙන හැටි... තරුණයින් අනාථ කරන්න හදන්න එපා. හැමදේටම කළින් තරුණයින්ට දේශපාලනය කියලා දෙන්න...!

:       2       6

ලලිත් පුෂ්පකුමාර Sunday, 17 April 2022 02:23 PM

ජාතික ජනබලවේගය බේරුවල සිට කොළඹ දක්වා ආරම්භ කරලා තියෙන යෝධ පාගමන ගැන දන්නේ නැද්ද?

:       3       5

වර්ණකුලසූරිය Sunday, 17 April 2022 05:05 PM

අරගලය බෙදා ගන්නත් ඊළඟට අරගලයක් එයි වගේ...

:       0       4

ශාමනි සමරසිංහ Monday, 18 April 2022 09:14 AM

විරෝධතාව ද්ක්වන්න ඕනෑ. හැබැයි, කිරිඇල්ල රාජිතලා ඉස්සරහට දා ගත්තොත් වැඩක්ම නැතිවෙනවා. ඔබගෙ අරමුණ,/අපේ අරමුණ සජබ රජයක් නම්, දූෂිතයින්ව හලන්න. අඩුගානේ ඉස්සරහින් යන්නත් එපා. නාම පුවරු (සජබ) අල්ලන් යන්න එපා. කවුරුත් ඔබලාව හඳුනනවා. සටන් පාට පුවරු පමණක් ගෙනියන්න්න. නුවර, කුරුණෑගල ආසන බලමණ්ඩල කියලා දාගෙන යන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 849 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1276 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site