(යොහාන් භාසුර)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැවැන්ත ආරක්ෂාවක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා අවශ්‍ය නම් හෙලිකොප්ටරයෙනුත් පැමිණිය යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.
අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා මහනුවරදී පැවැති උත්සවයක් අමතමින් එසේ පැවසීය.
මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට දැවැන්ත ආරක්ෂාවක් අවශ්‍ය අතර කෙසේ වෙතත් අනුර සහෝදරයා එයට එච්චර කැමති නැති බවත් ඔහු කීය.
ජනාධිපතිවරයා ඔහොම නොයායුතු යැයි පෞද්ගලික ස්ථාවරයේ තමන් සිටින බවත් ජනාධිපතිතුමාට මීට වඩා දැවැන්ත ආරක්ෂාවක් අවශ්‍ය බවත් ඒ මහතා සඳහන් කළේය.
ජනාධිපතිතුමා එන තැනකට අනිවාර්යෙන්ම එන කණ්ඩායමක් සිටින අතර එය වැළැක්විය නොහැකි බව කී අමාත්‍යවරයා ඒවා පරණ ක්‍රමයටමයි කියා පෙන්නන්න ගියහොත් ඒවා පරණ මත බව ද සඳහන් කළේය.
අමාත්‍යවරයා වන තමන් කැබ් රථයේ යනවිට සිය අතිරේක ලේකම්ලා සහ ලේකම්වරයා වී8 රථවල යවන බවත් එම නිලධාරීන්ට දැන් ටික ටික ලැජ්ජා ගතියක් ඇතිවී තිබෙන බවත් ඒ මහතා කීය.
ඇමතිතුමා අරකෙ යද්දී මම කොහොමද එකේ යන්නේ යැයි වව්නියාවේ පසුගියදා ගිය අවස්ථාවකදී පස්වරුවේ කථා කරමින් සිටියදී සිය අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසූ බවත් එම නිලධාරීන් අට දෙනෙක් එක වෑන් එකක එම ගමන පැමිණි බවත් අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වැඩි දුරටත් පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ජනාධිපති හෙලිකොප්ටරයෙන් යන්න ඕනේ