IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ තෑගි වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වල, මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි වල අන්තර්ගතය වගකීම් සහගතව, ස්වාධීනව සහ ග්‍රාහක අපේක්ෂාවන්ට සංවේදී වන අයුරින් පවත්වා ගෙන යාමේ අරමුණින් මාධ්‍යවේදීන් දිරිගැන්වීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් වාර්ෂිකව පවත්වා ඇති නමුත් 2019 වර්ෂයෙන් අනතුරුව එම සම්මාන උළෙල පවත්වා නොමැත. එකී සම්මාන උළෙල මෙම වර්ෂයේ සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා 2023 වර්ෂයට අදාළ නිර්මාණ පදනම් කර ගනිමින් අයදුම්පත් කැඳවනු ලැබ තිබේ. 

ඒ අනුව, 2025-11-11 දින ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීම සඳහාත්, එහි දී ජයග්‍රාහකයෙකු සඳහා පිරිනමනු ලබන මුදල් ත්‍යාගය රුපියල් 100,000 දක්වා සහ ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන යාවජීව සම්මානය සඳහා පිරිනමනු ලබන මුදල් ත්‍යාගය රුපියල් 400,000 දක්වා වැඩි කිරීම සඳහාත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ තෑගි වැඩි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site