IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජිනීවා මානව හිමිකම් සැසිවාරයට කාවින්ද ජිනීවා යයි

(නිමල කොඩිතුවක්කු)

ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරය සඳහා එක්වීමට සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් දිවයිනෙන් පිටත්ව ගියේය.

ලබන(11) සහ (12) ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරය සඳහා එක්වීමේ අරමුණින් තමන් ඇතුළු පිරිස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් ජිනීවා නුවර බලා පිටත්ව ගිය බව ජයවර්ධන මහතා සඳහන් කළේය.

මේ සඳහා නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාත් තමන් සමග එක්ව සිටින බව මන්ත්‍රීවරයා පැවසීය.

රට පත්ව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ වැඩි අවධානයක් යොමුව ඇති බවත් ඔහු එහිදී කීවේය.

රටේ මානව හිමිකම් පිළිබඳවත්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත්, ජනතාවට සිදුව ඇති ආර්ථික අර්බුදය පිළිබඳවත් මානව හිමිකම් කවුන්සලයේ මෙවර වාර්තාවේ පැහැදිලිව සඳහන්ව ඇති බවත් ජයවර්ධන මහතා පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුව වසර තුනකට අධික කාලයක් ඉක්මවා ගියත් එම ජනතාවට සාධාරණත්වයක් ඉටු නොවීම සම්බන්ධයෙන් ද වාර්තාවේ කරුණු සඳහන්ව ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.

මෙවර මානව හිමිකම් සැසිවාරය ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් සැසිවාරයක් බැවින් තමන් ඇතුළු නියෝජිත පිරිස සහභාගී වන බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (5)

ජිනීවා මානව හිමිකම් සැසිවාරයට කාවින්ද ජිනීවා යයි

තර්ස්ත මාෂල් Friday, 09 September 2022 09:56 PM

ඔය ගොල්ලෝ ජිනීවා මානව හිමිකම් සැසිවාරයට යන්නේ රටේ බඩගින්න නිවන්නද නැතිනම් ලොක්කට බලය ලබා දෙන්නද ? නිදන් හාරපුව , සල්ලි අච්චු ගහපුවා එහෙම කියන්න නම් එපා .

:       2       7

සමන් Friday, 09 September 2022 11:27 PM

තාත්තා කලෙත් l t t e එකට කඩේ ගිය එකනේ.

:       0       1

Demuni Uduwara Saturday, 10 September 2022 06:04 AM

The Alleged in Easter Attack should be uniformed !

:       0       0

Perera Saturday, 10 September 2022 09:39 AM

මහින්ද ජිනීවා ගෙනිච්ච ඇට කටු මල්ලත් අරන් ගියාද දන්නේ නැහැ

:       0       0

කුසුම් දල්පදාදු Saturday, 10 September 2022 10:34 AM

මෙයාගෙ තාත්තත් එදා මව්බිමට එරෙහිව ලෝකෙට ගතු කිව්ව. එයාගෙ පුතා එහෙම නොකළොත් ඌ නොට්ටිගෙ පුතා කියනවනෙ. මෙයත් අද කරන්නෙ ඒකමයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 377 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site