IMG-LOGO

ජනපති වෙන්න හතරක්:අගමැති වෙන්න තුනක් තරඟ බිමේ

(අජන්ත කුමාර අගලකඩ)

නව ජනාධිපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ සිවුකොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර මෙම සටන නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් සිවුදෙනාම ජනාධිපතිධුරයට පත්වීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු මැදිහත් වී සිටින අතර, ඔහුට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහාය දිනා ගැනීම සඳහා එම පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ ඇමතිවරුන් දෙදෙනකු මූලිකත්වය ගෙන සිටින බවද දැනගන්නට ඇත.

පොදුජන පෙරමුණේ ප්‍රබලයකු එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් දෙමින් ,රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන ලෙස,ඉල්ලීම් කරමින් සිටින බවද වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා පක්ෂයේ ප්‍රබලයන් දැඩි වෙහෙසක් දරමින් සිටින අතර,අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ද ඔහුට සහාය දීමේ සූදානමක සිටින බව දැනගන්නට ඇත.

මේ අතර,ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත්කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුම පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන අතර,හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ද අලහප්පෙරුම මහතාට සහාය දීමේ සූදානමක සිටින බව දැනගන්නට ඇත.

මේ තත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද පාර්ශ්ව තුනකට බෙදී ඇතැයි දැනගන්නට ඇත.

එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු රනිල් වික්‍රමසිංහ මහතාට ද ,තවත් කිහිප දෙනකු සජිත් ප්‍රේමදාස මහතාට ද ,තවත් කිහිප දෙනකු ඩලස් අලහප්පෙරුම මහතාට ද සහාය දීමේ පිළිවෙතක සිටින බව දැනගන්නට තිබේ .

මේ අතර, නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහාද,මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සිය සුදුසුකම් ඉදිරිපත් කරමින් සිටින බව දැනගන්නට ඇත.

සභානායක දිනේෂ් ගුණවර්ධන ,අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අගමැතිධූරය අපේක්ෂාවෙන් සිටින බවද දැනගන්නට ඇත.

 



අදහස් (21)

ජනපති වෙන්න හතරක්:අගමැති වෙන්න තුනක් තරඟ බිමේ

සිරිබිරිස් Saturday, 16 July 2022 10:34 AM

ඌරන් කැකුණ තලනවිට හබන් කුකුළන්ට රජ මගුල් කියලා අහලා නැද්ද? 225 න් බුදුදහම දන්නා අයගෙන් සප්ත අපරිහානීය ධර්ම මොනවද අහන්න කැමතියි. මෙයින් එකක් එනම් සමගිව රැස්වීම මුස්ලිම් සහෝදර පිරිසත් නිතර අදහන ධර්මයක් නේද? ඒකනේ ඔවුන් සියලුදෙනාම සිකුරාදා රැස්වී සාකච්ඡා කරන්නේ... 225 දෙනාම තේරුම් ගන්න ඕනෑ... නැගීසිටිය හැක එක්සත් වී.. බෙදීගියොත් රට යයි සුන්වී කියලා.. ඔක්කෝමලා බලයෙන් උන්මාද වෙලා ඉන්නේ මොකුත්ම බැරි නම් මේ ටිකකලට රනිල් ජනාධිපති, හර්ෂ මුදල් ඇමති, පාඨලී අගමැති... ෆොන්සේකා ආරක්ෂක ඇමැති. සජිත් බලශක්ති ඇමැති.. මෛත්‍රිපාල කෘෂිකර්ම හා ආහාර ඇමැති, හරින් අධ්‍යාපන ඇමැති, ඩලස් ජනමාධ්‍ය ඇමැති, සුමන්දිරම් අධිකරණ ඇමැති. මුස්ලිම් කොංග්‍රසය සඳහා වැවිලි කර්මාන්ත ඇමැති. අනුර සුව ඇමැති, දේවානන්ද ධීවර ඇමැති... ලෙසට පත්කර පාලනය ගෙනයන්න..

:       0       0

Citizen Saturday, 16 July 2022 10:55 AM

රනිල් තමයි සුදුස්සා. එයාට දීලා බලමු. මේ ටික කාලෙට රට ආයේ පහළට වැටෙන්න තවත් නෑනේ. රට අමාරු කාලවලදී උර දුන්නේ මෙයා විතරයි. රාජපක්ෂ පවුල බේරගන්න උදව් කළා තමයි.. ඒවා පස්සේ කියමු...

:       75       96

UswicSaturday, 16 July 2022 12:27 PM

අරගලය පිටුපස්සේ මේ අය ඉන්න ඇති...

:       0       0

KanthiSaturday, 16 July 2022 12:36 PM

ඇයි බැංකුවේ ඉතුරුවෙලා තියෙන ටිකක් සුද්ද කරන්නද?

:       0       0

sharm warnMonday, 18 July 2022 09:18 AM

ආ.. ඇත්තද? ඇයි පස්සේ බලන්නේ? බලන්නෙම නැතිව ඉන්නකෝ..! හොඳට මතක තියාගන්න. රාජපක්ෂලාගේ හොරකම් වහන එක තමයි රනිල් යහපාලන කාලේ කරපු එකම වැඩේ. ආයෙත් මුක්කු ගහන්න ආවේ ඒකෙ ඉතුරු ටික කරන්න. බැසිල් සල්ලි දීලා මන්ත්‍රීලව බාගන්න හදන්නේ රනිල්ව රජකරවලා නාමල්ගේ පුටුව හදන්න. ඔහෙලගේ පොට්ට මොලේට තවමත් ඒක තේරෙන්නේ නැතිනම් මේ රට විනාශ වෙන්න ඔහෙලට වඩා තව බූරුවන් ඕනෑ වෙන්නේ නැහැ.

:       0       0

Chandima Saturday, 16 July 2022 10:56 AM

ඇත්තට පුරවැසියන්ගේ ඡන්ද නැතිවම ජනාධිපති, අගමැති වෙන්න පුළුවන් තරු හයේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටක ඉපදෙන්න අපි මොන තරම් පින් කරලා ඇතිද? පෙර ආත්මවල...

:       6       30

මහසෙන් Saturday, 16 July 2022 11:37 AM

ඔච්චර ද ඉන්නේ? ඔතැනට තව අඩුනේ අරගල භූමියේ නියෝජනයක්...!

:       0       0

ranjith Saturday, 16 July 2022 11:50 AM

ඡන්ද ප්‍රමාණය ඩලස්ට තමයි වැඩි. මේ වෙලාවේ රනිල්ට වාසිය අඩුයි...

:       0       0

Siri Abeygoonaratne Saturday, 16 July 2022 11:51 AM

අරගලයෙන් මේ ඔක්කොම පලවා හරින්න ඕනෑ...

:       0       0

siri Saturday, 16 July 2022 11:52 AM

පාඨලීට නම් එයාගේ ඡන්දෙනම් හරියට වැටෙයි...!

:       0       0

nanda Saturday, 16 July 2022 12:03 PM

සමහරුන්ට නම් නම යෝජනා කරන්නවත් මන්ත්‍රී කෙනෙක් හොයාගන්න බැ. බල තණ්හාව ඇරුණාම රට හදන චේතනාවක් නැහැ...

:       0       0

සඳුන් Saturday, 16 July 2022 12:30 PM

අනේ පව්... ඕක ටෝකන් ක්‍රමයකට හරි බෙදලා දෙන්න. නැත්නම් ඉදිරි අවුරුදු දෙකේත් කණක් ඇහිලා ඉන්න බැරිවෙයි.

:       0       0

Dias Saturday, 16 July 2022 12:41 PM

අනුර ප්‍රියදර්ශන?

:       0       0

P. Ilangaratne Saturday, 16 July 2022 01:00 PM

පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් හොරු. ඒ නිසා සරත් ෆොන්සේකා මහත්තයාට දිනන්න පහසු නැහැ...

:       0       0

prabhash Saturday, 16 July 2022 01:34 PM

රටට, ජනතාවට සේවය කරන්න නම් ඔච්චර පොරකන්නේ නෑ. අරගලයෙන්වත් හැදිලා නැති පාටයි...

:       7       19

gochara Saturday, 16 July 2022 01:34 PM

විශ්වාසයක් නැති ඩීල් ගහන අය වගේම වැඩ බැරි අය, ඇවිල්ලා වැඩක් නෑ. ඉල්ලන් කන්න එන්නත් එපා. එන්න කලින් රට හදන පිළිවෙල ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් පොල් මුඩ්ඩක් අතේ තියාගෙන ඉන්න...

:       3       11

විපරමා Saturday, 16 July 2022 05:35 PM

කල් ඉකුත්වූ පරණ අයත් ඉන්නවානේ? බල තණ්හාවට වැඩිය දෙයක් කොහෙන්ද?

:       0       0

සිසිර Saturday, 16 July 2022 08:03 PM

හොඳට හිතන්න, විපක්ෂය එක් අයෙකුට වඩා කෙනෙකු හෝ ඉදිරිපත් වුණොත් ජනාධිපති වෙන්නේ රනිල්... කෑදර නොවී එක් කෙනෙක් සටනට යන්න...

:       3       23

Demuni Uduwara Sunday, 17 July 2022 04:59 AM

සරත් ෆොන්සේකාට මොකද වෙන්නේ?

:       0       0

sharm warn Monday, 18 July 2022 09:21 AM

රනිල්, ඩලස් දෙන්නාගෙන්ම කරගන්න හදන්නේ රාජපක්ෂ හොරුන්ව සුරැකීම සහ නාමල්ගේ රජකම ගොඩනැගීම.. මේ රට දියුණු වෙන්නේ නැහැ මේ කපේට. මොකද දියවන්නාවේ ඉන්න ගෙම්බෝ බලයට විකිණෙන අහවල් වෘත්තිකයෝ....

:       0       0

fairoos Monday, 18 July 2022 05:21 PM

රනිල් ආවොත් අරගලය දිගටම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 205 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 124 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 249 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


ඉෂාන් මධූෂ ගැන තොරතුරු වෙතොත් දැනුම් දෙන්න
2025 මැයි මස 14 19 0

මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1208 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 725 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1428 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1620 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site