IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති ලෝක ආර්ථික සමුළුවට යයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා හෙට (13) පිටත්ව යයි.

ලෝක ආර්ථික සමුළුව  අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක  නායකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන්ද හමුවීමට නියමිතව ඇත.

රට බංකොලොත් වීම නිසා පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නොහැකි වූ අතර මෙවර ආර්ථික සමුළුවේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව පවතී.

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ලබන 18 වැනිදා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. 

ජනාධිපතිවරයා ලබන 24 වැනිදා නැවත දිවයිනට පැමිණෙයි.

 



අදහස් (14)

ජනපති ලෝක ආර්ථික සමුළුවට යයි

Prabha Friday, 12 January 2024 03:47 PM

උගන්ඩාවට යනවා නම් මහින්ද මහත්තයාගේ බිස්නස් වැඩත් පොඩ්ඩක් පිළිවෙළ කරලාම එන්න.

:       55       32

SiriFriday, 12 January 2024 06:55 PM

ඒවා වැඩිපුර තියෙන්නේ කෙන්යාවේ. උගන්ඩාවේත් ඇති මගේ හිතේ...!

:       37       2

Rosa Friday, 12 January 2024 04:09 PM

ස්විට්සර්ලන්තයේ මිනිස්සුන්ට පරිස්සම් වෙන්න කියන්න ඕනේ... මෙයා ගිහිං එහෙත් සේරම දේවල් විකුණලා දාලා එයි. දන්නේ ඔච්චරනේ...

:       34       23

අරවින්ද මොනරවිල Friday, 12 January 2024 04:22 PM

කිසිම වැඩක් බැරි කෙනෙකුට රට බාර දුන්නාම කරන්න පුළුවන් ඔච්චර තමයි... රටේ මිනිස්සු දුක් මහන්සි වෙලා හරි හම්බ කරන මුදල් බදුපිටබදු ගහලා එකතුකරගෙන ඒ අය ආතල් ගන්නවා...

:       41       27

Dharmatileke Friday, 12 January 2024 04:35 PM

බංකොළොත් කෙරුවේ කවුද කියලා දේශනාව පටන් ගන්නේ...!

:       30       20

Hafeel Friday, 12 January 2024 04:36 PM

බලයට ආවෙන් පසු රටේ ණය බරෙන් සතයක් හෝ අඩු කරලත් නැහැ... ජනතාවට බදු බර පටවන එකේ අඩුවක් නැහැ. නමුත් රංචු පිටින් රට සවාරි යනවා. මෙහෙම ලෝකේ වටේ විනෝදවෙමින් රටේ ජනතාවට පෙන්නන්න උත්සාහ කරන්නේ තමන්ට ලෝකේ රටවල්වලින් සහ ලෝක නායකයින්ගෙන් සහයෝග තියනවා කියලා. එහෙම මෙයාට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් හෝ විශ්වාසයක් තියනවා නම්, IMF මෙච්චර කොන්දේසි දාවිද? රටේ ජනතාව මෙච්චර දුක් විඳින්න ඕනද?

:       39       29

Muthu Friday, 12 January 2024 05:14 PM

අන්න ඔයාගේ රටේ මිනිස්සු 200 - 300 සියදිවි නසා ගන්නවා... ආර්ථික ප්‍රශ්නවල පීඩනයෙන්. මුලින්ම අන්න ඒ පැත්තට කවුරු හරි යවන්න...!

:       11       3

Amal Friday, 12 January 2024 05:21 PM

බොරුනම් බලන්න, අපේ පිනා ලෝක ආර්ථික සමුළුවේ සභාපති වෙලයි, ලංකාවට එන්නේ... උගන්ඩාවේදි මහින්ද ලොක්කාගේ බිස්නස් ටික run කරන කට්ටිය මෙයාව කන්සල්ට් කරන්න බලාගෙන ඉන්නවාලු.. ලාබ ලබන බිස්නස් ටික කුණුකොල්ලෙට විකුණලා කොමිෂන් ගහන හැටි අහගන්න...!!!

:       12       4

විපරමා Friday, 12 January 2024 06:08 PM

දූෂිත, බලලෝබි, බඩගෝස්තරවාදී දේශපාලුවෝ රටට ආසියාවේ ආශ්චර්යය පෙන්වපු හැටි තමයි කියන්න තියෙන්නේ...!

:       6       2

පිනා Friday, 12 January 2024 06:25 PM

එකඑක බොරු කියා කියා යන්න පුළුවන් හැම සමුළුවටම යනවා පිනා... මිනිහාගේ යහපාලන සමයේ කළේත් ඕකම විතරයි...

:       7       3

Rata Perata Friday, 12 January 2024 06:25 PM

අපේ කරුමෙටම ආපු කෙනෙක්. මාස 14ට රට සවාරි 14. කොහොමද වාර්තාව? දැන් විසර්ජන පනතකින් තව ලක්ෂ 2000ක් ඉල්ලනවා. මෙයාලාට ගහලා එළවන්න ඕනෑ.

:       2       7

chandima Friday, 12 January 2024 11:50 PM

මාලා, රටවල් ගොඩගන්න හැටි ලෝකයටම කියලා දෙන්න වගේ... අර පාර්ලිමේන්තුවේ නෝනෙක් කිව්වා වගේ එනගමන් නොබෙල් තෑග්ගත් අරන්ම එයිද? එහෙනම් ඉතින් එළම තමයි. පේනවා නේද වැඩ...?

:       1       5

SAM Saturday, 13 January 2024 12:33 AM

ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක නායකයින් සහ ජාත්‍යන්තර ආයෝජකයන් / ව්‍යාපාරිකයින් හමුවන අවස්ථාවේදී රතු මුහුදේ සිදුවන ත්‍රස්තක්‍රියාවන් නිසා ගෝලීය ආර්ථිකයට සහ නාවික ගමනාගමනයට සිදුවන බලපෑම පිළිබඳව ආසියානු බලවතුන්, ඇමෙරිකාව, යුරෝපීය රටවල් සහ මැදපෙරදිග රටවල මැදිහත්වීම වැදගත් බව දන්වා සිටිය යුතුවේ...

:       0       1

කළුතර Saturday, 13 January 2024 02:26 PM

යන ගමනේදී අහිංසක මිනිසුන්ගේ වෛරය දෙවියන්ගේ දඬුවමක් ලෙස ලැබේවා... ඒ අහිංසක මිනිසුන්ගේ ඒකායන පැතුමයි...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site