IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට

 

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින බැවින්  ජනපති යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ. 

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , වැඩබලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ , වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම , වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාත්, වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා ලෙස සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහත්වරු පත් කර සිටිති.



අදහස් (4)

ජනපති යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට

Sisira Katugampala Monday, 26 September 2022 11:24 AM

වගකිව යුතු ජනාධිපතිවරයෙතුගේ වැඩකි. ඒ නිසයි අපි රනිල්ට කැමැති...

:       3       2

chandima Monday, 26 September 2022 02:25 PM

ඉස්සර මිනිස්සු බරකරත්තවල අනුරාධපුරේ යද්දිත් දේපළ සේරම ලියලා දීලාලු යන්නේ.. ආපසු එන්න බැරි වෙයි කියලා. කරලා තියෙන පින් පවු අනුව තමයි සේරම වෙන්නේ...

:       0       1

siri Monday, 26 September 2022 04:10 PM

ඔක්කොම වගේ ගොටාභයගේ ආණ්ඩුවේ හිටපු කට්ටියම නේද ? රනිල්ගේ රස්සාව අතින් කාල අනුන්නේ හරක් බලාගන්න එකද ?

:       0       1

චින්තක Monday, 26 September 2022 11:13 PM

ගෝඨාභයගේ කට්ටියම තමයි. ඒත් ඒ කට්ටියම දැන් කරන්නේ වෙනස් විධියකින් නේද? දැන් උන්දැලාට කොන්දට පණක් ඇවිත් සතුටින් ඉන්නවා වගේ පේනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site