(නිමන්ති රණසිංහ)
ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයොගෙන කොටුව පොලීසියට බාරදුන් බව කියන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල වහාම අධිකරණය බාරයට ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අද කොටුව පොලීසියේ ස්ථනාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතාට නියෝග කළේය.
රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක් වන මෙම මුදල අරගලකරුවන් විසින් පොලීසියට භාරදී සති තුනකට අධික කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිද වාර්තාවක් හෝ දැනුම් දීමක් කොටුව පොලීසිය සිදුකර නොමැති බවට ජනාධිපති නිතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කළ දැනුම් දීමකට අනුව මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ්ය.
අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් කටයුතු කළැයි සදහන් කරමින් කොටුව පොලීසිය අත්අඩංගුවට ගත් අරගලකරුවන් සිව් දෙනකු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය වහාම එම මුදල අධිකරණය භාරයට ලබා දෙන ලෙසට නියෝග කරමින් සැකකරුවන් සිව් දෙනාට ඇප නියම කළේය.
ඒ අනුව එක් සැකකරුවකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය තීරණය කළේය. මෙලෙස ඇප මත මුදා හැරුණේ, කුසල් සදරුවන්, අබ්දුල් කාදර් අබ්දුල් කලිල්, ජෙයරාම්ර ජයකුමාර් සහ ජෙයරාම් ජෙයරාජ් නැමැත්තන්ය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති මන්දිරයෙන් හමු වූ මුදල් අධිකරණයට දෙන්නැයි නියෝගයක්
Bamunuarachchi Thursday, 28 July 2022 05:29 PM
සිංහලයෝ උඩින් පෙනුනට සුපුරුදුලෙස වැඩේ යටින් ගෙනියන්නේ වෙනත් පිරිසක්
sharm warnFriday, 29 July 2022 11:48 AM
මේ මනුස්සයාව ජාතිවාදය පතුරුවනවා කියලා අල්ලන්න කවුරුවත් නැද්ද?
BamunuarachchiFriday, 29 July 2022 03:10 PM
මොකක්ද හලෝ මගේ කමෙන්ට් එකේ තිබෙන ජාතිවාදය? ජාතිවාදය අර්ථ දක්වනවකෝ... මම නොම්මර එකේ සිංහල ජාතිවාදියෙක්.. මම පැහැදිලිවම කියලා තිබෙනවා. හම්බයාට හම්බයා නොකියා දෙමළාට දෙමළා නොකියා වෙන මොනවද හලෝ කියන්නේ? කියනවා අපිට මහා කළු සිංහලයින් කියලා...
sharm warn Friday, 29 July 2022 11:49 AM
ඒ ළමයි මුදල් නිසි විදියට නීතිය යටතට පත් කරපු නිසා මහ උන්ගෙන රෙදි ලෙෆ්ට් වුණ නිසාද ඒ ළමයින්ව උසාවි දාන්නේ?