IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ජනපති මන්දිරයෙන් පිත්තල බෝල ඉස්සූ තිදෙනා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ජනාධිපති මන්දිරයට බලෙන් ඇතුළු වී එහි ජනෙල් තිර රෙදි එල්ලීම සදහා බිත්තිවල සවිකර තිබූ රත්‍රන් පැහැති පිත්තල බෝල 40ක් සොරකම්කරන ලදැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගා රගත කරනු ලැබුවේ රාජගිරිය ඔබේසේකරපුර පදිංචි මුත්තයියා මහේෂ් කුමාර්, මුත්තයියා විජේකුමාර් සහ මුත්තයියා දොරේ සාමි ඉන්ද්‍රකුමාර යන අයවලුන්ය.

මෙම සැකකරුවන් ඉකුත් ජුලි මස 09 වැනිදායින් පසු දිනෙක ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුලු වී එහි තිබූ ජනේල් තිර රෙදි එල්ලීම සදහා බිත්තිවල සවිකර තිබූ රත්‍රං පැහැති පිත්තල බෝල 40ක් සොරකම් කර ඇති බවත් පසුව ඒවා පෞරාණීක භාණ්ඩ ලෙස සදහන් කරමින් විකිණීමට සුදානම් කර තිබියදී පොලීසියට ලද තොරතුරකට අනුව අත්අඩංග-ුවට ගත් බවත් කොටුව පොලිසිය අධිකරණයට කරණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබිය.



අදහස් (3)

ජනපති මන්දිරයෙන් පිත්තල බෝල ඉස්සූ තිදෙනා රිමාන්ඩ්

පුරවැසියා Monday, 25 July 2022 07:10 PM

එහෙනම්, මහ බැංකුව කඩපු කෙනාට මාර දඬුවමක් දෙයි.

:       16       5

නීතියේ සහය Monday, 25 July 2022 07:43 PM

සජිත් උතුමාණෙනි, අපි ඔබෙන් අර නීතිවේදී 200යේ නීතියේ සහාය පතමු..!

:       3       9

Bamunuarachchi Tuesday, 26 July 2022 06:50 AM

අනේ ඇයි මේ අහිංසක අරගල කාරයින්ට කරදර කරන්නේ? අංතරේ ගොයියාට එන්න කියාපිය. මේවාට උත්තර දෙන්න කියාපිය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 212 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 714 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 137 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site