IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ජනපති මාධ්‍ය සම්මාන වලට සහතික පත්‍ර පිරිනමයි

(නිමල කොඩිතුවක්කු)

‘‘ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2018’’ නිර්දෙශිත නම් සඳහා සහතික පත‍්‍ර ප‍්‍රදානය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) පැවැත්විණි.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවති මෙම උත්සවයේදී සම්මාන සඳහා නිර්දේශ ලැබූ 78 දෙනෙකු සඳහා සහතික පත‍්‍ර පිරිනමනු ලැබීය.

ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ප‍්‍රථම වරට සංවධානය කළ මෙම සම්මාණ උළෙලේදී රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් හා වෙබ් ක්ෂේත‍්‍ර 4 නියෝජනය කරමින් සිංහල,දෙමළ, සහ ඉංග‍්‍රීසි භාෂා ත‍්‍රිත්වයම නියෝජනය කළ මාධ්‍යවේදීන්ට සම්මාන ප‍්‍රදානය කෙරුණි.

යහපත් ජනමාධ්‍ය කලාවක් රටේ බිහි කිරීමේ අරමුණින් ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා අගය කිරීම රජයේ යුතුකමක් බව එහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා පැවැසීය.

සෑම වසරකම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අඛණ්ඩව පැවැත්වීමට විධි විධාන යොදා ඇති බවත් පැවසූ ලේකම්වරයා ලබන වසරේ මාධ්‍ය සම්මාන උළෙලේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් සඳහන් කළේය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජේ.ඩබ්.කිත්සිරි මහතා, සම්මාන උළෙලේ ජූරිය ලෙස කටයුතු කල කමිටුවේ සාමාජිකයන් ඇතුළු මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් ද මාධ්‍යවේදීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

ජනපති මාධ්‍ය සම්මාන වලට සහතික පත්‍ර පිරිනමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site