IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපති ත්‍රීරෝද රියට බහී

(අංජුල මහික වීරරත්න)

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා කීය.

ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා විසින් කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති හරිතාගාරය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද (17) සහභාගී වෙමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය. 

මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය .

එහිදී ජනාධිපතිවරයා ත්‍රීරෝද රියක නැගී ගොස් වගා භූමිය නිරීක්ෂණය කළේය.



අදහස් (15)

ජනපති ත්‍රීරෝද රියට බහී

lakvidu Friday, 17 May 2024 04:57 PM

ඕක විතරක් මදි, මේ රටේ ඉන්න තකතීරු ඡන්ද දායකයෝ හැම කෙන‍ාටම තියෙන මොලේ ගලවලා ඔය කියන කෘත්‍රිම බුද්ධි හයි කරන්න ඕනෑ. එතකොටවත් දියවන්නාවට හරක් දැක්කිල්ල නවත්තයිද කියලා බලන්න.

:       9       123

Ajajtha Friday, 17 May 2024 05:08 PM

ඔයාගේ සංදර්ශන තව මාස 4යි ලොක්කා...

:       4       8

amila Friday, 17 May 2024 05:09 PM

අම්මට සිරි ඡන්දෙන් පස්සේ ගමන් බිමන් යන්න දැන්මම පුරුදු වෙනවා වගේ...?

:       97       65

නුවන් Friday, 17 May 2024 05:23 PM

මොකක් හරි හොඳ දෙයක් දකිනකොට ඒකේ වරද දකින ජවිපේ අයගේ මොලේට කෘතිම බුද්ධිය දාන්න පුලුවන් තාක්ෂණයකුත් හදන්න...

:       63       97

reksFriday, 17 May 2024 08:29 PM

හැම එකම ජවිපෙ පිට පටවලා, රට කන අයට කත් අදින මේ වගේ අයට නම් කෘතිම බුද්ධි හතක් බද්ධ කළත් වැඩක් වෙන එකක් නැහැ.

:       27       7

ගමේ එකාලා Friday, 17 May 2024 06:19 PM

රනිල්ගේ කෙරුවාවල් ගැන අපි එදා ඉඳළාම දන්නවා. දේශපාලුවෝ කොහොමටත් ජනතාව අන්දවන එකයි කෙරුවේ...

:       31       54

C.K.Lankaputhra Friday, 17 May 2024 07:28 PM

ඔබතුමා කී සැරයක් මේ රටේ මිනිසුන්ව ගොනාට ඇන්දුවාද? අපි මේ සැරේ නම් ඔබතුමාගේ ගොන් පාට්වලට රැවටෙන්නේ නෑ. යන තැනට කටයුතු සලසා ගන්න...

:       4       6

pakeer Friday, 17 May 2024 08:03 PM

රට පාලනය කෘතිම බුද්ධියට දීලා යන්න වැසිකිළි හෝදන්න.

:       11       6

සෙනෙවිරත්න Friday, 17 May 2024 08:05 PM

නුවන්ට සවිකරලා තියෙන මී හරක් මොලේට වැටහෙන විදියට රනිල්ට විරුද්ධව කතාකරන හැමෝම ජවිපෙ, ඒක නිසා ජවිපෙට තියෙන බය ඇරවාගන්න ඔය ලොක්කාට සමූපකාර ඡන්ද තියන්න කියලාවත් කියන්න..

:       24       7

Nandalal DE SILVA - France Friday, 17 May 2024 09:30 PM

ජනාධිපති කෙනෙක් පළමු වරට ත්‍රි රෝද රථයකින් යනවා දැක්කෙත් අදමයි..! හොඳ ආදර්ශයක්... පාර්ලිමේන්තුවේ සිටිමින්, සුපිරි වාහන, පර්මිට් ඉල්ලමින් සද්දේ දාන මන්ත්‍රීවරුන්ට මෙවැනි වාහන පර්මිට් දෙන්න බැරි කමක් නැහැ නේද?

:       1       26

Hasintha Nagodavithana Friday, 17 May 2024 10:29 PM

පාස්පෝට් එකේ පින්තූරය අප්ලෝඩ් කරගන්න බෑ කියලා ඉමිග්‍රේෂන් එකේ ලොක්කා හොටු පෙරනවා. මෙයා මෙතන කුඹුරට AI ගේන්න කතාව... සංදර්ශන විතරයි... වැඩ නෑ..

:       4       31

sweneSaturday, 18 May 2024 04:01 AM

මතකනේ මෙයා වොක්ස්වැගන් ෆැක්ටරියක් හැදුවා. කියපු දේවල් හැටියට නම්, ත්‍රිරෝද රථ අවශ්‍ය නැහැ. ලංකාව දැන් වොක්ස්වැගන් රථ පිටරට යවමින්, අපි ඔක්කෝම වොක්ස්වැගන් පාවිච්චි කරනවා. කෘතීම බුද්ධිය ගැනත් ඔය ටිකම තමයි. කථා පමණයි.

:       3       15

ගුනේ Saturday, 18 May 2024 07:56 AM

ඔච්චර කල් කරගන්න බැරිවෙච්චි ඔබතුමා දැන් තමයි කරන්නේ... අනේ නිකං ඉන්න. දැන් ඕක දාලා ගෙදර යන්න සූදානම් වෙන්න...

:       10       12

Mahesh Saturday, 18 May 2024 06:46 PM

අනේ දැකපුවාහම දුක හිතෙනවා. කලිසම උස්සාගෙන ගෙදර යන්ට අපිට පව් නොදී...

:       1       1

හෝකන්දර සුමනේ Sunday, 19 May 2024 12:57 AM

මීට කලින් කියපුවා කෙරුවද කියලා ආපසු හැරී බලන්න. කෝ තරුණයන්ට දෙනවා කියපු වෑන්, බ්‍රේස්ලට්.... අඩුම ගානේ ගොවියන්ට බුලත්විට වෙනුවට දෙනවා කීවා චුවිංගම් වත් දුන්නද. අපි නොදන්නවය් ඔබතුමාගේ කථා. කෘතීම බුද්ධිය කෙසේ වෙතත් ඔය මීහරක් බුද්ධියක් තියෙන ඇමති මණ්ඩලේට මොනවහරි කෙටුවොත් නරකද.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site