IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනපති ජපානයේ දී ව්‍යාපාරිකයන් සමඟ වටමේස සාකච්ඡාවක

(අංජුල මහික වීරරත්න)

ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රටෙි නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපාන ආයෝජන සඳහා ඇති අවස්ථා"යන මැයෙන් ටෝකියෝ නුවර දී අද(26)පැවති ව්‍යාපාරික වට මේස සාකච්ඡාවකට එක්වෙමිනි.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් JETRO ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා සංගමය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම හමුව සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමේ සහ විවෘත කිරීමට ගෙන ඇති නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ මෙන්ම ඒ සඳහා වූ සිය කැපවීම අවධාරණය කළේය.

අත්‍යවශ්‍ය ආර්ථික හවුල්කරුවකු ලෙස ජපානයේ වැදගත්කම ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බවත් දෙරට අතර සහයෝගීතාව ඉහල නංවා ගැනීමෙන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ නිපුණ ශ්‍රම බලකාය ජපාන සමාගම්වලට කලාපයේ මෙහෙයුම් පුළුල් කිරීමට දොරටු විවර කරනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගනිමින් තිරසර ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමේ ජනාධිපතිවරයාගේ කැපවීම මෙම ව්‍යාපාරික වට මේස සාකච්ඡාව පුරාවටම මනාව තහවුරු කෙරිණි.



අදහස් (3)

ජනපති ජපානයේ දී ව්‍යාපාරිකයන් සමඟ වටමේස සාකච්ඡාවක

චින්තක Friday, 26 May 2023 06:42 PM

ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් ඇති ජපානයේ ව්‍යාපාරිකයින් සමග පැවැති වටමේස සාකච්ඡාව සඳහා ව්‍යාපාරිකයින් ඉඳගෙන සිටි පුටු ගැන දැක්කාම හරිම කණගාටුවක් ඇතිවුණා. ලංකාවේ නම් අතේ සතේ නැතුව ලෝකයෙන් හිඟා කෑවත් ඔහොම තැනකට ගන්න පුටුවක මිලෙන් සාමාන්‍ය කෙනෙකුට ගෙයක් හදාගන්න පුළුවන් වෙනවා. මට හිතෙනවා ජපානය දියුණුවට පත්වුනේ මෙහෙම කටයුතු කළ නිසා කියලා...

:       0       27

Aruna AththanayakaSunday, 28 May 2023 05:34 AM

මෝඩයෙක් වගේ තප්පුලන්න එපා

:       0       0

Bamunuarachchi Saturday, 27 May 2023 03:46 PM

ජෙප්පෝ මේ රටේ ඉන්නතුරු රටට ආයෝජකයින් එන්නේ නැහැ ලොක්කා... කාල්මාක්ස්ගේ පඹේ උස්සන් යන රටකට ආයෝජකයින් ඒවිද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site