IMG-LOGO

ජනපති ඉවත්වුණොත් රට තවත් අරාජික වෙනවා

(ඩයනා උදයංගනී)

මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වන බවත්, ඇති හොඳම විසඳුම අන්තර්වාර පාලනයකට ගොස් නව අගමැතිවරයෙක් හා සර්වපාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව පවසයි.

මේ අවස්ථාවේ විශ්වාසභංග ගෙනඒම නිෂ්ඵල දෙයක් බවත්, එය පරාජය වුවහොත් වත්මන් පාලනය තවත් ශක්තිමත්ව ඉදිරියට යනු ඇති බවත් එම එකමුතුව සඳහන් කරයි.

නව ඇමති මණ්ඩලයක් පත්කර පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳාගැනීමෙන් පසු මැතිවරණයකට ගොස් නව නායකත්වයක් තෝරාගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දිය හැකි බව ද එම එකමුතුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව මගින් බොරැල්ල එම්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (7)

ජනපති ඉවත්වුණොත් රට තවත් අරාජික වෙනවා

ජනයා Monday, 11 April 2022 11:16 PM

මේ අය අතර පරිණත බවක් තියන අතර මේ කරුනෙහි සත්‍යතාවයක් ඇත. විපක්්‍ෂයේ ඉන්න හර්ෂ සහ එරාන් වගේම හැම පක්ෂයෙන්ම වඩා ජනප්‍රිය අයෙක් තොරාගැනීම අවශ්‍යයි. මේ වෙලාවෙ පංගු බේරු බලන්න එපා. කොහොමත් කොයි පක්්‍ෂයක් ගැනවත් දැනට ජනතා විශ්වාසයක් නෑ.

:       0       0

සෙනෙවිරත්න Monday, 11 April 2022 11:45 PM

වෙලාතියෙන්නෙත් ඒකම නේද? ඇස් කන් නාසා නැති, ගඳ සුවඳට සංවේදි නැති නායකයෙක් පාලනය කරන රට ආරාජික නොවේද?

:       0       0

MO77 Tuesday, 12 April 2022 07:08 AM

උඹලා මේ පාර විතරයි පාර්ලිමේන්තු ඉන්නේ. උඹලා පොහොට්ටුවේ ජරා මජර අපතයො සෙට් එකක්. කවදාවත් කිසිම පක්ෂයකට හෝ කණ්ඩායමකට මන්ත්‍රීවරු එකසිය විස්සකට වඩා නොදිය යුතුයි. මුන්ට තුනෙන් දෙක තියෙන හින්ද තමයි බලයෙන් අයින් කරන්න බැරි. මේ අපතයන්ට රට ගැන හැඟීමක් නෑ. කටමැද දොඩවන එක විතරයි තියෙන්නේ.

:       0       0

sene Tuesday, 12 April 2022 07:33 AM

"ශාන්ත කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි" ඇමති කටු ලෙවකන්න නේ මේ ?

:       0       0

JAYATH Tuesday, 12 April 2022 07:43 AM

දැක්ක නේද මේ දේශපාලන හාල්පාරුවෝ දැන් කියන දේ ? මුන් කරන්නේ ව්‍යාජ රංගනයක් කියල මේකෙන්ම පැහැදිලි වෙනවා නේද ? කව්රුවත් කියල නැහැ ජනපති ට ඉවත් වෙලා රට අරාජික කරන්න කියල ඉල්ලීම තියෙන්නේ මේ දේශපාලන ළදරුවව පර්ජතාන්ත්රවාදීව අයින් කරලා වැඩ කරන්න පුළුවන් මොලයක් තියන කෙනෙක් ගෙන්න කියල එක මේ දේශපාලන මීහරක් එක්ක කවදාවත් වෙනදෙයක් නෙමි මේක මේ විදියට ඔඩු දුවන්න ඇරියොත් මේ රට ආපහු ලේ විලක් වේවි ඒ හින්ද මේ වෙලාවේ මීක් නැතුව ඉන්න මුන්ට සිව්රු නැ තුව කඩේගිය කහකඩයෝ ටිකටයි රට ගැන ඇත්ත කැක්කුමක් තියන නමුත් තවමත් "හොල්මන් වෙලා " වගේ ඉන්න පූජක පක්ෂයට මම මේ කියන්නේ එලියට එන්න ඇවිත් මේ ගැටලුව ලිහාගන්න උත්සාහ කරන්න

:       0       0

ලයනල් වර්ණකුලආරච්චි Tuesday, 12 April 2022 08:36 AM

මොහු දුෂිත දේශපාලන පසුබිමක් සහිත අයෙකි. තම පුද්ගලික අභිවෘද්ධියට අදහස් ප්‍රකාශ කරන අයෙකු ලෙස හැඳින්විය හැක.

:       0       0

වර්ණකුලසූරිය Tuesday, 12 April 2022 12:45 PM

රට තවත් අරාජික වෙන්න තියෙනවාද කියන එකයි ගැටළුව. දුර්වල ජනාධිපතිවරයෙක් යටතේ අරාජික වුන රට නැවත අන්තර් පාලනයක් හෝ කුමන පාලනයක් යටතේවත් යථා තත්ත්වයකට පත්වේ යයි කිසිවෙක් සිතන්නේ නම් ඔහු පිස්සෙක් හෝ ආත්මාර්ථකාමීයෙක් විය යුතුය. රටක් අරාජික තත්ත්වයකට පත්කළ නායකයාට ආත්මගෞරවයක් ඇත්නම් ඔහු ඉල්ලා අස්විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 936 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site