(සුජිත් හේවාජුලිගේ)
ඡන්ද නීති කඩ කළේ යැයි කියන මුල් පෙළේ ජනාධිපති අපේක්ෂකයකුගේ ආධාරකරුවන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකර මුදා හැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මූලස්ථාන පොලිසියේ ප්‍රධානීන්ට එරෙහිව පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
මෙම ආධාරකරුවන් තිස්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ නීති විරෝධී ලෙස පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සිටියදී යැයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මෙයට අමතරව මැතිවරණ පෝස්ටර් ඉවත් නොකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වවුනියාව මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ට එරෙහිවද මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බව ඔහු සඳහන් කළේය.
සහකාර මැතිවරණ කොමසාරිස්වරයා දුන් උපදෙස් නොගෙන ඒ අය කටයුතු කර ඇති බවටද තොරතුරු වාර්තා වී ඇතැයි හෙට්ටිආරච්චි මහතා කීවේය.
පොලිස්පතිවරයකු නොමැතිව තිබියදී බොහෝ පොලිස් ස්ථාන ඉතා හොඳින් මැතිවරණ රාජකාරී ඉටු කරද්දී සමහර නිලධාරීන් මෙලෙස පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම ලොකු කැළලක් ඇතිවන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
660
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති අපේක්ෂකයකුගේ නිති කැඩූ ගෝලයෝ 30 ක් පස්ස දොරෙන් ගෙදර යවලා