(අංජුල මහික වීරරත්න)
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද අඹේවෙල කිරි ගොවිපොළේ හදිසි නිරික්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී ලබාදුන් උපදෙස් අනුව ගොවිපොළ තුළ පුළුල් සංවර්ධන ක්‍රියාවලියක් පසුගිය වසරේදී ආරම්භ කෙරිණි.
අඹේවෙල කිරි ගොවිපොළ වෙත පැමිණි ජනාධිපතිවරයා කිරි ගොවිපොළ සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.
ගොවිපොළේ නව සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා කිරි ගවයන් රඳවා සිටින පරිශ්‍රය ද නිරික්ෂණ කළේය.
අනතුරුව එහි විධායක කාර්ය මණ්ඩලය සමඟ කෙටි සාකච්ඡාවකට ද එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ ලබා ඇති ක්රමික වර්ධනය හා එමගින් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඇගයීමට ලක් කළේය.
ලාල් කාන්ත මහත්තයා සමාජවාදය අතහැරීම ගැන සතුටු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස්
මොනරාගල නක්කල පාලම හංදිය අසල නක්කල බදුල්ල පාර 15 ඉඩමේදී සිදුවු පවුල් ආරවුලක්මත සැමියා සිදුකළ පිහි ඇනුමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි බිරිය
මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.
දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසර සියයක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භකළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ
ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පෙරවරුවේ නි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
Prabha Saturday, 20 April 2024 04:37 PM
ගියා බැලුවා කියන්නේ විකුණනවා කියන එක....
achini Saturday, 20 April 2024 04:40 PM
මේ පාර නම් නියම සයිස් එකට කලිසම් අරගෙන වගේ...!
bandu Saturday, 20 April 2024 07:15 PM
ඔබේ අය හොඳින් කරනවා නේද?
N A J Wickramasekara Saturday, 20 April 2024 09:19 PM
ජනාධිපති 2025...!
Lalla Saturday, 20 April 2024 10:45 PM
අඹේවෙල කිරි ගොවිපල පෞද්ගලික අංශය නොවේද පාලනය කරන්නේ...?
Perera Sunday, 21 April 2024 06:28 AM
මෙයා හරක් බලන්න තමයි හරියන්නේ...!
sahan Sunday, 21 April 2024 08:18 AM
ඔක්කෝටම කළින් මේ අයට කියන්න ඕනෑ හරක් රජාට ආචාර කරන විදිහ...
Kazi Shajahan Sunday, 21 April 2024 11:39 AM
ඔය මනුස්සයා මොකක්හරි දැක්කොත් විකුණන් කන්න බලන්නේ... පරිස්සමෙන්... වැඩිය හොඳ තැන් පෙන්වන්න එපා.
DHARMATILEKE, Nihal Sunday, 21 April 2024 02:30 PM
සර් එතැන 134ක් හිටියා නේද? දැක්කද?
Chandima Monday, 22 April 2024 12:13 AM
කිරි හරකුන්ටත් ඡන්ද බලේ දෙන්න වගේ යන්නේ...!