
(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාව දැඩි පහසුතාවට පත්කරමින් පුද්ගලයන් 20 ක පමණ පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට කිසිඳු බාධාවකින් තොරව හැසිරෙමින් වංචාකාරී ක්‍රියාවල නිරතවන ආකාරය දැකගත හැකිය.
මෝටර් රථ සම්බන්ධයෙන් සේවා ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ට විවිධ සේවා සැපයීමට එම පුද්ගලයන් ඉදිරිපත් වන අතර එම සේවා අතර වංචාකාරී ක්‍රියා රැසක් දැකිය හැකිය.
වාහන ලියාපදිංචිය සඳහා වන පෝරමය සම්පූර්ණ කිරීමේ සිට සාමදාන විනිශ්චකාරවරුන්ගේ නිල මුද්‍රාව තබා ඡායාරූප සහතික කිරීම ඇතුළු විවිධ සේවා සැපයීමට කිසිඳු බියක් නොමැතිව ඔවුහූ ඉදිරිපත්ව සිටිති.
මෙම වංචාසහගත ලියවිලි ඉදිරිපත් කළ පසු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් සහතික නිකුත් කිරීම වඩාත් භයානක තත්වය බවට පත්ව තිබේ.
එම පුද්ගලයන්ගේ වැඩි සංඛ්‍යාවක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් බව බැලූ බැල්මට කිවහැකි අතර සේවා ලබාගැනීමට එන කාන්තාවන්ට යතුරුපැදියෙන් බැසීමටත් අවස්ථාව නොදී දැළට හසුකර ගනිති.
වාහන ගාල්කිරීමේ නිරත සිටින කාන්තාවක් ද ඒ මුවාවෙන් එහි රැදෙමින් වංචාකාරී ලේඛණ ලබාදී මුදල් ලබාගන්නා ආකාරය දැකිය හැකි අතර එම පුද්ගලයන් අතර ආබාධිත පුද්ගලයන් කීපදෙනෙක් ද සිටිති.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ පොලිස් ඒකකයක් ද තිබෙන අතර මෙම වංචාකාරී සිදුවීම් වන ස්ථානයේ සිට නාරාහේන්පිට පොලිසියට මීටර 100 ක පමණ දුරක් තිබේ.

COMMENTS
බලයට ආපු ගමන් වත්මන් ජනාධිපතිපතිත් මෙතන්ට ගිහින් ලොකු සංදර්ශන පෙන්නුවා. මේ ආණ්ඩුවේ වැඩ සේරම සෝඩ බෝතල වගේ. එදා ගුවන් තොටුපොළටත් කඩා ගන ගියා. නමුත් තාම ශ්‍රී ලංකන් ගුවන් සමාගම දුවන්නේ පාඩු ලබමින්. වැඩක් නැහැ. බොරු සෝබන තමයි.
ආයෙත් පාරක් ස' ව අරිමු ආර් එම් වී එක සුද්ද කරන්න සිoහ ලීලාවෙන්.....
ඥාණක්කාට කියලා ගුරුකමක්වත් කරලා මේ ජාවාරම් කාරයින් එළවමුද..?
සර්ගේ හැම වැඩක්ම ඔහොම තමයි.. ෆොන්සේකා මහත්තයා නැතිව මෙයා යුද්ධ කලා නම් තාමත් යුද්දෙ යනවා. එහමත් නැත්නම් ප්‍රභාකරන්ට රටේ භාගයක් ගිහිල්ලා...
එයා කොහොමත් රිවස් ජනපතිනේ...?
සසර වසනතුරු... නිවන් දකින තුරු...
ඒකත් රිවර්ස්...!
දන්නේ නැද්ද උස් තැනින් පහළට වතුර ගලන විත්තිය? බොහොම ඉස්සර නම් ලංකාවේ හිටියේ යෝධයින් වගේ මිනිස්සු ... අවුරුදු ගාණක් පවතින නිර්මාණය කරපු රජවරු.. දැන් රජත් බලු.. වැඩත් බලු..
මෙහෙම වෙන්න හේතු මොනවද කියලා කවුරුවත් බලන්නේවත්, හිතන්නේවත් නැහැ. ඇත්තටම වාහනයක් ලියාපදිංචි කිරීමට හෝ මාරුවක් කරනවිට තියෙන අයදුම්පත් සම්පූර්ණ කිරීමට දන්නා කෙනෙකුටවත් ඉතාම අමාරුයි. සේවා සැපයීමේදී පහසුවට කළයුතු වුණත් මෙහි එවැන්නක් දකින්නට නැහැ.. එහෙම ප්‍රශ්න තවත් කොපමණ ඇද්ද? පෙර කාලේ ආදායම් බලපත්‍රය ගන්නත් ආකෘතියක් තිබුණා.. දැනට එය අහෝසි කළා වගේ මේවත් පහසු කරන්න මෙහි වංචා අනන්ත තියෙනවා. එකක් කියන්නම් එක් යතුරු පැදියක්.., අයිතිකරු මියගියා... ඔහුගේ බිරිඳගේ මල්ලි එය ගෙනගියා. පසුව ඔහුගේ නමට හරවාගෙන තියෙන්නේ හොරකම් කළ වාහනයක් ලෙසට රක්ෂණ ආයතනයක් උදව් කරගෙන...
මේකයි ඉතින්. ඔතන ඉන්න නිලධාරීන්ගේ ඉඳලා හොරාට වැඩ කරනකොට, ඕවා නතර කරන්න ජනාධිපතිට විතරක් බැහැ. පොලීසිය, එතකොට ඔතන ඉන්න ආරක්ෂක නිලධාරියාගේ ඉඳලා ඕවාට සම්බන්ධයි...
ගැසට් එකවත් නිකුත් වුණාවත්ද?
"එක රටක් , එක නීතියක්" නේ තියෙන්නේ...
කාක්කෙක්වත් එළවා ගන්න බැරි කෙනෙක් ජනාධිපතිවරයා බවට පත්කරගෙන දියසේන කුමාරයා තමයි කියලා බලන් ඉන්න 69 ලක්ෂයේ ජනතාව පව්..!
කෙටියෙන් කිව්වොත් ශ්‍රී ලංකාව කියන්නේ නීතියක් නැති, පාලනයක් නැති රටක්...
රටේ හැම තැනම ගිහින් වැරදි නිවැරදි කරන්න බැහැ. එයා කරන්න ඕන ඒ සඳහා යාන්ත්‍රණයක් සෑදීමයි.
ජනාධිපති වෙච්ච ගමන් කරපු මාධ්‍ය සංදර්ශන වලට මිනිස්සු දැන් රැවටෙන්නේ නැහැ.
2015 ලංකාවට ආපු වෙලාවේ වේරහැරෙන් ලංකාවේ බලපත්‍රය අලුත් කර ගන්න ගිහින් දවස් දෙකක් රස්තියාදු වුනා. මොකද මම පගාව දෙන්න විරුද්ධ වුන නිසා,
වැඩිහරියක් ඉන්නේ ජරාව කන අය. ගෑනු කියලා වෙනසක් නැහැ. මෝටර් රත පරික්ෂකවරු ඊට හපන්..
ෆෝම් එකක් පුරවන්න බුද්ධියක් නැත්නම් කොහොමද වාහනයක් එලවන්නේ
කොමසාරිස්වරයා වගකීමෙන් යුතුව කරුණු සොයා බැලිය යුතුයි.
හාල් කඩවලට ගියා හාල් මෝල් වැටලුවා හාල් අඩු වුණාද? ඒ වගේ තමයි මෙයාට රටක් පාලනය කරන හැටි තේරෙන්නේ නැහැ. ජනපතියෙක් ඉන්නේ ප්‍රතිපත්ති හදන්න. නියෝග දෙන්න. නැතිව බොරුවට මිනිසුන්ට පේන්න කඩවලට පැනලා, ආයතන වලට පැනලා බොරු තර්ජනයක් දාලා විහිලු කරන්න නෙමෙයි. ලංකාවේ හැමදේම අනාගන්නනේ තියෙන්නේ....
කෝ ප්‍රවාහන ඇමති