IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


ජනපතිගෙන් ’’කොප් 28’’ ට යෝජනා තුනක්

(අංජුල මහික වීරරත්න)

ඩුබායි හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙවත් “කොප් 28” (Cop 28) සමුළුව වෙනුවෙන් මෙවර විශේෂ යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ඉන් ප්‍රධානතම යෝජනාව වනුයේ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් (Climate Change university) මෙරට ඇති කිරීමයි. 

ඊට අමතරව දියුණු රටවල ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවයට පත්වන තුන්වන ලෝකයේ රටවල් වෙනුවෙන් දේශගුණික යුක්ති සංසදයක් (Climate Justice Forum) පිහිටුවීම හා නිවර්තන වැසි වනාන්තර වෙනුවෙන් සංසදයක් (Tropical Belt Forum) පිහිටුවීමේ යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා "කොප් 28" සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොප් 28 සමුළුව රාජ්‍යයන් 54 ක නායකයන්ගේ සහභාගීත්වයෙන් ලබන 4 දා සිට ඩුබායිහි දී පැවැත්වෙන අතර එහි දී දේශගුණික විපර්යාස ගැන මෙන්ම ණය ස්ථායීකරණය ගැන අතිරේක සාකච්ඡා කිහිපයක් ද පැවැත්වීමට ද සැලසුම් කොට තිබේ.

 රාජ්‍ය නොවන සංවිධාන වල අනුග්‍රාහකත්වය යටතේ තරුණ තරුණියන් 20 ක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත අතර ඔවුන් මෙම අතිරේක සාකච්ඡා වලට සහභාගී වීමට නියමිතය. 

රජය නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමති අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර, පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ මහත්වරු ඇතුළු 15 ක පමණ දූත පිරිසක් ඊට  සහභාගී වෙති.

පෞද්ගලික අංශය නියෝජනය කරමින්  තවත් පිරිසක් තම වියදමෙන් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 

අරගලයෙන් ඉල්ලා සිටියේ මෙලෙස තරුණ පිරිසට ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීම බවද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.



අදහස් (8)

ජනපතිගෙන් ’’කොප් 28’’ ට යෝජනා තුනක්

Aravinda Monarawila Monday, 27 November 2023 03:33 PM

අපේ සල්ලිවලින් රට සවාරි ගහන අමන රැළ...

:       8       16

PATTA hora Monday, 27 November 2023 06:20 PM

මහ බැංකුව කොල්ලකන හැටි කියලා දෙන්නේ නැතිද?

:       3       6

Lal Monday, 27 November 2023 07:05 PM

අනේ අර කාලකන්නි ජෙප්පෝ ටිකක් රටින් පිට අරන්ගිහින් පෙන්නන්න... ඔවුන් හොඳම ගං ගොඩයෝ...!

:       0       0

Sara Monday, 27 November 2023 10:08 PM

අපේ බදු මුදලින් කිසිම තේරුමක් ප්‍රයෝජනයක් නැති රට සවාරි බදු ගැසීම, විකිණීම හිගාකෑම නයට ගැනීම මෙන්න මෙය දන්නා ඒවා

:       0       0

sara Monday, 27 November 2023 10:17 PM

අපේ බදු මුදලින් කිසිම තේරුමක් ප්‍රයෝජනයක් නැති රට සවාරි බදු ගැසීම, විකිණීම හිගාකෑම නයට ගැනීම මෙන්න මෙය දන්නා ඒවා

:       0       0

ලුම්බිණි Tuesday, 28 November 2023 05:30 AM

මම හිතනවා එක්ක ගෙන යන කට්ටිය මදිකියල. තව 500ක් වත් එක්ක යන්න.

:       0       0

AB Tuesday, 28 November 2023 07:15 AM

දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයට (Climate Change university) අලුතින් යමක් එක්කර ගැනීමට හැකියාව තිබේ. ලංකාව මුහුදින් වටවූ කුඩා රටක් නිසා ලංකාව අවට මුහුදේ සිදුවන පරිසර වෙනස් වීමද ඇතුලත් කිරීම වැදගත්වේ ලෝකයේ ඕනෑම රටක සිටිනා scientist කෙනෙකු ලංකාවට පැමිණ අද්‍යයන කටයුතු ජීව විද්‍යාත්මක සාගර විද්‍යාව, රසායනික සාගර විද්‍යාව, භූ විද්‍යාත්මක සාගර විද්‍යාව සහ භෞතික සාගර විද්‍යාව

:       0       0

wedage Tuesday, 28 November 2023 11:21 AM

සාගල ගෙනියන්නේ හොරෙන්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලාංකිකයන් බේරා ගන්න රුසියාවට දූත පිරිසක්
2024 මැයි මස 16 18 0

රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික


විදුලි බිල අඩු කිරීම ජුලි
2024 මැයි මස 16 152 0

විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.


‘රෆා’ නගරයේ මානුෂීය ඛේදවාචකයක් ඇත්තේ නෑ
2024 මැයි මස 16 210 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම චෝදනා කළත්, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරය කේන්ද්‍රකොට ගනිමින් කිසිදු ආකාරයක මානුෂීය ඛේදවාචකයක් න


කෝටි 240ක බෙහෙත් විසිකරලා
2024 මැයි මස 16 104 0

තත්ත්වයෙන් අසමත් රුපියල් කෝටි 240 කට වැඩි වටිනා ඖෂධ ශල්‍ය සහ රසායනාගාර ද්‍රව්‍ය පසුගිය වසරේදී භාවිතයෙන් ඉවත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වා


ස්ලොවේකියා අගමැතිගේ තත්ත්වය බරපතල නෑ
2024 මැයි මස 16 179 0

වෙඩි ප්‍රහාරයකට ලක්වුණු ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝගේ තත්ත්වය බරපතල නොවන බවත්, වෙඩි ප්‍රහාරයට ලක්වුණු සැණින් රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයට ඇතු


රාජාංගනය-අංගමුව වාන් දොරටු විවෘත කරයි
2024 මැයි මස 16 107 0

පසුගිය දින කිහිපයේ රජරට ප්‍රදේශයට ඇද හැලුණ අධික වැස්සෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු හතරක් සහ අංගමුව ජලාශයේ ගේට්ටු දෙකක් අද(16) විවෘත කළ බව වාරිමාර්ග දෙප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 725 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2255 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1934 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site