IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපතිවරණයේ දිනය ගැන ඉඟියක්

(රෝහණ චන්ද්‍රදාස මලවරආරච්චි )

ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙක බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද(02) අනුරාධපුරයේ දී පැවැසීය.

අනුරාධපුර දිස්ත්‍රික් එජාප සම්මේලනය ඇමතූ රංගේ බණ්ඩාර මහතා  මීළඟ ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්  ඉදිරිපත්වන නිසා සියලුම දෙනා ඊට සූදානම් වන්නැයි ද ඉල්ලා සිටියේය. 

2020 දී මහ මැතිවරණයෙන් පක්ෂය වැටුණු වැටිල්ල නිසා නැවත නැඟිටීමක් නැතැයි බොහෝදෙනා සිතුවා. නමුත් රට අමාරුවට පත් වූ  අවස්ථාවේ නොබියව ඉදිරිපත්ව රට ඉදිරියට ගෙනයාමේ අභියෝගය බාරගත්තා. අවුරුදු දෙකක් ගතවීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා රට නැවතත් නිවැරදි මාවතට යොමුකර ආර්ථිකය ගොඩගැනීමට පියවර ගනිමින් සිටිනවා . ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දී ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන  ජනාධිපති ධුරයට නැවත පත්කරන්නැයි ඉල්ලා සිටිනවා.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු බවට මෙම සමුළුවේ දී විශේෂ යෝජනාවක් ඉදිරිපත් වූ අතර එය ඒකමතිකව සම්මත විය. පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් එජාප සම්මේලනය මේ වනවිටත් පැවැත්වේ.

 



අදහස් (13)

ජනපතිවරණයේ දිනය ගැන ඉඟියක්

Pankumburage Friday, 02 February 2024 01:23 PM

ඔව් ඔව් බලාගෙන ඉන්නෙ දිනවන්න...

:       3       53

G. K. Ekanayake Friday, 02 February 2024 01:26 PM

මෙයා මැතිවරණ කොමසාරිස්ද? මැතිවරණ කොමිසමේ සභාපතිද?

:       3       47

අරවින්ද මොනරවිල Friday, 02 February 2024 01:36 PM

ඔයා මැතිවරණ කොමිසමේ සභාපති නොවෙයිනේ ඡන්දයට දින දෙන්න, ඒ නිසා ගොන්කම ප්‍රදර්ශනය නොකර කටවහගෙන හිටියා නම් හොදයි රංගේ...

:       6       46

ඡන්දදායක Friday, 02 February 2024 01:56 PM

අර කිව්වත් වගේ ලක්ෂ 100 ජනවරම කතිරේ ගහලාම පෙන්නනවා...!

:       2       36

Buddika Friday, 02 February 2024 02:25 PM

අප්පටසිරි මෙයාද එතකොට අලුත් මැතිවරණ කොමසාරිස්? ආණ්ඩුව පිනට හරි unp වුණාට නීතිය unp නොවේ. කොහොම ඡන්ද තිබ්බත් unp සහ පොහොට්ටු දෙකම පරාදයි. එක්කෝ සජිත් නැත්නම් jvp....!

:       3       24

ර. වි. Friday, 02 February 2024 02:52 PM

මට මතකයි මෙයාගේ කටින්ම "පරපුරක් නැති මිනිහෙක් පරපුරකට කරන්නේ කොහොමද?" කියලා වොයිස් කට් දෙනවා...!!!

:       1       31

Pinjana Friday, 02 February 2024 03:12 PM

දැන් ඔය පැත්තේ ගෙම්බෝ කෑ ගහන්නේ " රෙනිල්, රෙනිල්" කියලාද?

:       2       12

AnueadhaFriday, 02 February 2024 04:27 PM

රනිල් වික්‍රමසිංහ මහතා රට නැවතත් නිවැරැදි මාවතට යොමුකර ආර්ථිකය ගොඩගැනීමට පියවර ගනිමින් සිටියි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා. අනිවාර්යයෙන් මීළඟ ජනාධිපති විය යුතුයි...!

:       20       18

වොඩ්කගෙ මහ එකා Friday, 02 February 2024 05:39 PM

අරගල හැත්තගේ පිහිටෙන් ආපු පිං ජනාධිපතිගේ බලේ අරගෙන පිම්බෙන කෙනෙක්... පරිස්සමෙන්, පුපුරයි තට්ටේ...!

:       4       9

Deepal Nirosh Friday, 02 February 2024 09:10 PM

දැන් මැතිවරණ ප්‍රකාශයට පත් කරන්නේ පක්ෂ ලේකම්වරුයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයි. එතකොට මොකටද මේ මැකෝ...? හීන් සීරුවේ මාරුවෙලා වත්ද?

:       1       3

chandima Friday, 02 February 2024 10:00 PM

ඉඟි කරන්නේ මොනවටද? අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම ලියලා තියෙන්නේ...? ඒත් අර මිනිස්සු එනවට බයේ දුම්රිය ස්ථාන වහලා හමුදා පොලිස් අනුකණ්ඩ හිටිහැටියේම නවත්තලා නිදහස් උත්සව තියන්න යද්දී නම් හිතෙන්නේ ඡන්දයට කළින් රට පනියිද කියලයි...!

:       1       1

chandima Friday, 02 February 2024 10:04 PM

ඔයා මැතිවරණ කොමසාරිස් තනතුරෙත් වැඩ බලනවද?

:       1       1

chandima Saturday, 03 February 2024 05:00 AM

අම්බලමේ පිනා... වළන් කදක් ගෙනා... ඒක බිඳපු ගොනා.. හතර අතේ කියවනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site