IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපතිවරණයට සල්ලිත් වෙන් කර අවසන්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ ක‍ර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමයේ වාසි මෙන්ම අවාසි පවතින බවත්, ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැඟීමට මෙන්ම තිස්වසරක යුද්ධය නිමා කිරිමට හැකි වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  'What's New'' තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පැවති වැඩමුළුවට සහභාගී වෙමිනි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍ය බව  පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් ජනාධිපති ධූරයේ විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවලටත්, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වෙතත් ලබාදී ඇති බව සඳහන් කළ අතර ඉදිරියේ දී ගෙන එන නව පනත් කෙටුම්පත් මගින් ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යන බව ද පෙන්වා දුන්නේය.

ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.



අදහස් (8)

ජනපතිවරණයට සල්ලිත් වෙන් කර අවසන්

අරවින්ද මොනරවිල Wednesday, 29 May 2024 03:51 PM

වයසට යන විට සිහිකල්පනාව අඩු වෙනවා, එවිට අනුන් කියන දේවල් නොවේ තමන් කියන කරන දේවලුත් අමතක වෙනවා. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා වගේ භාරදූර දේවල් ගැන මඤ්ඤං කියවන්නේ නැතුව ගෙදර යන්න අපි ඒවා හරියට කර ගන්නම්.

:       20       62

PujithaWednesday, 29 May 2024 04:05 PM

හිටපු කෙනාටත් යන්න. ගේන්නේ කවුද කියලා අපි බලන්නම් කියපු කෙනෙක් වගේ

:       4       22

නිහාල් Wednesday, 29 May 2024 04:05 PM

අර පතෝලයෙක් මොකද ජන්පතිතුමා ළග වාඩිවෙලා .

:       3       21

සමන් Wednesday, 29 May 2024 04:08 PM

ඔය විධායකේ තමා කළගෙඩි ලාම්පු ගෙනල්ලා, පුස්තකාල ගිනිතියලා, උතුර දකුණ ගිනි තියලා රටවලපල්ලට යැව්වෙ.

:       5       28

ජගත් ලියනගේ Wednesday, 29 May 2024 04:46 PM

ඔය කිව්වට ජනාධිපතිවරණය තියෙනකන් විස්වාස නැහැ .

:       8       15

Nimal Silva Wednesday, 29 May 2024 05:05 PM

ජනවරමක් නොමැතිව මැතිවරණයකින් පරාජය වී රාජ්‍ය නායකයෙකු වූ ලොව පළමු දේශපාලනඥයා රනිල්ය. මෙය ගිනස් ලෝක වාර්තා අතරට යා යුතුයි...!

:       4       20

ගමේ එකාලා Wednesday, 29 May 2024 05:48 PM

ගෝඨාභයගේ ඉතිරි ධුර කාලය වෙනුවෙන් පත්කරපු අනුප්‍රාප්තික පින් ජනපතියා මිසක් කිසිම ජනවරමක් නැති, තමුන්ගේ ආසනයෙනුත් පැරදුණු කෙනෙක්... ජාතික ලැයිස්තුවෙන් ඇවිත් දූෂිත පවුල් පාලනේ අය, පොහොට්ටු කාරයින් රකින එක මිසක් වෙන මොනවද කරන්නේ..?

:       6       28

malinga Wednesday, 29 May 2024 10:58 PM

දැන් ඡන්දේ දින කියමුකෝ. ඉන් පස්සේ රටත් ගොඩගත්තා කියමුකෝ. නමුත් හැමදාම ජීවත්වෙන්න බැහැනේ. ඕනේ නම් තව අවුරුදු හතර පහක් ඉදිවි. ඉන් පස්සේ කාටද රට බාර දෙන්නේ? අමාරුවෙන් ඇහැරවගෙන යන බෑනා පොඩ්ඩටද? මිනිහා මලාට ඡන්දයක් දිනන්නේ නැහැ. එහෙම නම් පුතාණෝටද? විවාදෙකටවත් බය හන්ගගෙන එයාට රට දුන්නොත් ඉල්ලන් කෑවා වගේ වෙනවා. එහෙමත් නැතිනම් කේජු කෑල්ල වැටෙනකන් පස්සෙන් යන රාජපක්ෂටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site