IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනපතිවරණයට එන බව පළමු වරට රනිල් කියයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන අතර ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ දී අද (27) පැවති “එක්ව ජය ගමු - අපි ගාල්ල” ජන හමුව අමතමින් ප්‍රථම වරට ජනතාව හමුවේ ප්‍රකාශ කළේය.

කිසිවිටෙකත් තමා අභියෝග හමුවේ පැන නොගිය බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කතා කරමින් නොසිට වගකීම ඉටු කිරීම තම දේශපාලන පුරුද්ද බවත්, රට ඉදිරියට ගෙන යාමට ජනතාවට දුන් පොරොන්දුව ද ඒ අයුරින්ම ඉටු කරන බවත් අවධාරණය කළේය. 

රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති මෙම ජන හමුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද ඇතුළුව අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50කට අධික පිරිසක්  මෙන්ම හිටපු මැති ඇමැතිවරු සහ ගාල්ල දිස්ත්‍රික් ජනතාව 15,000කට අධික  පිරිසක් එක්ව සිටි අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවට ඔවූහු සපථ වූහ. 

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයෙන් යුතු වත්මන් වැඩපිළිවෙල අනුව ඉදිරියට ගමන් කළ යුතු බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති රාමුවෙන් බැහැරව කටයුතු කරන බව යමෙකු පවසන්නේ නම් ඔවුන් පවසන්නේ රට අවදානමේ හෙළන අසත්‍යයක් බවද ජනාධිපතිවරයා අවධාණය කළේය.

තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස බවද පැවසූ ජනාධිපතිවරයා තම අරමුණ සියලුදෙනා එක් කර ගනිමින් රට දිනවීම බවත් සියලු දේශපාලන භේද පසෙකලා තරුණ පරපුරට යහපත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්වන ලෙස සියලුම දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය. 

අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, වෛද්‍ය රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර,   රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල සහ සමගි ජන බලවේගය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාන් රහුමාන් යන මහත්වරුන් ද ජන හමුව ඇමතුහ.



අදහස් (0)

ජනපතිවරණයට එන බව පළමු වරට රනිල් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site