IMG-LOGO

ජනපතිට එරෙහිව ගොවියකුගෙන්-නිතිඥවරු ‌දෙදෙනකුගෙන් පෙත්සමක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

රසායනික පොහොර සම්පූර්ණයෙන් තහනම් කර අත්තනෝමතික ලෙස කාබනික පොහොර භාවිතයට නියම කිරීම තුළින් ගොවි ජනතාව ඇතුළු ජන ජීවිතය අඩාල කිරීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි සඳහන් කර ඊට වගකිව යුත්තන්ගෙන් වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ගොවියකු සහ නිතිඥවරුන් දෙදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද  (29) ගොනු කර ඇත.

නීතීඥ තාරක නානායක්කාර, නිතීඥ එරන්ග වැලිඅංග සහ කොටගොඩ ගොවි සම්මේලනයේ ලේකම් විජයතුංග අමරදිවාකර යන මහත්වරුන් විසින් ගොනුකරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර ඇත්තේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු අධ්‍යාපන අමාත්‍ය රමේෂ් පතිරණ, මහාචාර්ය උදිත ජයසිංහ,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණීය යන මහ්වරුන්ය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 28ක්ම සෘජුවම කෘෂි කර්මාන්තයෙන් ජීවත් වන අතර සියයට 40කට වැඩි පිරිසක් වක්‍රව කෘෂි කර්මාන්තයෙන් ජීවත් වන බව පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් දක්වා ඇත.

රසායනික පොහොරවල අඩංගු පොස්පරස් පොටෑසියම් සියලුම කෘෂි භෝග වගාවන්ට අත්‍යාවශ්‍ය අංගයන් බවත්, 1960 දශකයේ ඇරඹුණු හරිත විප්ලවය සදහා මෙම රසායනික පොහොර හදුන්වා දුන් බවත්, පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභ්‍යාගයේ දැක්ම ප්‍රතිපත්තිය තුළ වසර 10ක කාලයක් තුළ කාබනික පොහොර භාවිතයට මුළු රටම පරිවර්ථනය කරන බවට ප්‍රතිඥා ලදී ඇති බවත්, මෙම වැඩපිළිවෙල යටතේ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් තහනම් කළ බවත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් දක්වා ඇුත.

මේ හේතුවෙන් පූර්ණකාලීනව කෘෂි කර්මාන්තයේ යෙදෙන පිරිස්වල ජීවිකාවට මරු පහරක් එල්ල වූ අතර, එකරැකයකින් රසායනික පොහොර තහනම් කිරීම පිළිබදව කිසිදු විශේෂඥයකුගේ උපදෙස් ලබාගැනීමක් හෝ සිදුකර නොමැති බව ද පෙත්සම්කරුවෝ පෙත්සමෙන් දක්වා තිබේ.

රසායනික පොහොර තහනම් කර කාබනික පොහොර භාවිතය පිළිබද විධිමත් වැඩ පිළිවෙළක් නොවූයෙන් කාබනික පොහොර චීන රජයෙන් ගෙන්වීමට සිදුවූ බවත්, මෙයට මහජන විරෝධය එල්ලවූ බැවින් රසායනික පොහොර තහනම ලිහිල් කිරීමට රජය පියවර ගෙන ඇති බවත් පැමිණීලිකරුවන් සදහන් කර ඇත.



අදහස් (0)

ජනපතිට එරෙහිව ගොවියකුගෙන්-නිතිඥවරු ‌දෙදෙනකුගෙන් පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 717 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site