
(අංජුල මහික වීරරත්න ඉන්දියාවේ නවදිල්ලි සිට)
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලින් අද (9) දහවල් ඉන්දියාවට පැමිණියේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීම ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ නවදිල්ලි රාෂ්ට්‍රපති භවන්හිදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
දිවුරුම් දීමේ උත්සවයට පැමිණි ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ අමාත්‍යාංශය වෙනුවෙන් එහි අතිරේක ලේකම් පී.කුමරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ,ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්,ඉන්දියාවෙි ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෂෙනුකා සෙනෙවිරත්න මහත්ම මහත්මීන් විසින් පිළිගනු ලැබීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියට ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ කලාපයේ සෙසු නායකයන්ගේ ද මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.
බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්,මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුද ,සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයා ප්‍රමුඛ කලාපයේ රාජ්‍ය නායකයෝ ඇතුළුව 9000ක පමණ පිරිසක් ආරාධනා ලැබ සිටියහ.
දින 44ක් අදියර හතක් යටතේ පැවැති ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දිය මහ මැතිවරණය ජය ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂ සන්ධානය සමත් වූ අතර එම ජය තහවුරු කර ගැනීමෙන් පසුව නරේන්ද්‍ර මෝදි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායකයා ලෙස නිල වශයෙන් පත් කෙරිණි.
මෙම ඉන්දීය සංචරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න,ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්‍ඩ්‍රා පෙරේරා මහත්ම මහත්මීහු ද සහභාගී වී සිටිති.

2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්
DM Sunday, 09 June 2024 02:57 PM
ඔය ගිය වෙලාවේ අපේ රටේ තව මොනවා හරි දෙයක් විකුණලා එන්න බලන්න.
Buddika Sunday, 09 June 2024 03:48 PM
උණුසුම් පිළිගැනීමක්...! ආ ඔය කියන්නේ රස්නෙ ගැන වෙන්න ඇති. කොහොමත් ඉන්දියාව මේ දවස්වල උණුසුම වැඩියිනේ...!
End Game Sunday, 09 June 2024 04:31 PM
උණුසුම් පිළිගැනීමක් කියලා මෙහෙට කියන්නේ... හැබැයි සත 5කට ගණන් ගන්නේ නෑ.
MithrasiriSunday, 09 June 2024 04:52 PM
මොළේ මැටි ද තියෙන්නේ?
Vishaka Sunday, 09 June 2024 05:36 PM
කියන්නෙ උණුසුම් පිළිගැනීමක් කියලා වුණත් පිළිගන්න ඇවිල්ලා තියෙන්නේ විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කෙනෙක්... ලංකාවට කොපමණ අවනම්බුවක්ද බලන්න..