IMG-LOGO

ජනපතිට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව විශේෂ අනුමැතියකින් පසු විවාදයට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ජනාධිපතිවරයාට  අප්‍රසාදය පළ  කිරීමේ යෝජනාව ලබන  17 වැනිදා පාර්ලිමේන්තුවේ  විශේෂ අනුමැතියකින් පසු  විවාදයට ගැනීමට  පක්ෂ නායකයෝ අද (12) තීරණය කළහ.

එම යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගැනීමට  අදාළ මෝසමක්ද පක්ෂ නායකයෝ  කතානායකවරයාට   මෙහිදී ඉදිරිපත් කළහ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  අද (12) පෙරවරුවේ රැස්විය.

මෙම රැස්වීම උණුසුම් වාද විවාද නිසා දැඩි  උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණ.

මේ අතර පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා රැස්වූ පසු එහි පළමු කටයුත්ත ලෙස නියෝජ්‍ය කතානායකවරයා  තෝරා පත් කර ගැනීමටද  මෙහිදී තීරණය කර ඇත.

කෙසේ වෙතත් මේ සාකච්ඡාවට හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන  සහ  ආණ්ඩු පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෝ සහභාගී නොවූහ.

පක්ෂ නායක රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල ජීවන්   ⁣තොන්ඩමන්, ගෙවිදු කුමාරතුංග,එම්.ඒ.සුමන්තිරන්, ජී.ජී පොන්නම්බලම් ,ඩිලාන් පෙරේරා,වීරසුමන වීරසිංහ,රවුෆ් හකීම්, අසංක  නවරත්න ,මහින්ද අමරවීර,රංජිත් මද්දුම බංඩාර,මනෝ ගනේෂන්,අරවින්ද කුමාර්,අංගජන් රාමනාදන්,නසීර් අහමඩ්,රිෂාඩ් බදුර්දීන්,ගයන්න කරුණාතිලක,නිමල් සිරිපාලද සිල්වා,අනුර කුමාර දිසානායක,අලි සබ්රි රහීම්,ඒ.එල්.එම්.අතාවුල්ලා,එම්.මුෂාරෆ් යන මන්ත්‍රීවරු සහභාගී වූහ.



අදහස් (0)

ජනපතිට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව විශේෂ අනුමැතියකින් පසු විවාදයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 99 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 545 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 973 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site