IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනපතිගෙන් මහින්දට තුති

(අංජුල මහික වීරරත්න)

රට ගොඩනැඟීමට තමාට සහාය ලබා දෙන ලෙස එදා තමා පළමුව ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගෙන් බවද  එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තූති කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම්  රැස්වීමේදී පැවසීය.

2022 වසරේ  රට දැවැන්ත දේශපාලන සහ ආර්ථික බිඳ වැටීමකට ලක් වූ අවස්ථාවේ රට ගොඩනැඟීමේ වගකිම තමා බාරගත්තේ තනිව නොවන බවත් එදා ද රටට ආදරය කරන දක්ෂ කණ්ඩායමක් තමා සමඟ එක් වූ බවත් ජනාධිපතිවරයා කීය.

ඔවුන් සිය වගකීම නිසි ලෙස ඉටු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට පමණක් බව රටේ ජනතාව අද විශ්වාස කරන බවද පැවසිය.



අදහස් (10)

ජනපතිගෙන් මහින්දට තුති

Hector Perera Tuesday, 30 July 2024 10:47 PM

රනිල් තමයි.

:       0       0

Prabha Wednesday, 31 July 2024 12:09 AM

රට ගැනනම් අපි දන්නේ නෑ. උන් හිරේ නොගිහින් බේරුනේම මේයා ජනාධිපති කරලා කියලා නම් මුළු ලෝකෙම දන්නවා.

:       0       0

wimal Wednesday, 31 July 2024 05:52 AM

රන්ඩු වෙවී යාලු වෙවී අපිට බොරු රංගනයක් පෙන්වා අන්තිමේදී එකට මගුල්.

:       0       0

Pujitha Wednesday, 31 July 2024 06:25 AM

හ්ම් හ්ම් 2015-2019 කාලයේදී මහින්දලා ගත්ත ණය නිසා මේ රට බංකොලොත් වුණා වගේ හරියට කතාව රට ගොඩ නගන්න නෙවෙයි රට විකුනන්න සහයෝගය දුන්නා කියලා කිවුවා නම් හරි.

:       0       0

Nilame Wednesday, 31 July 2024 06:40 AM

කණ්ඩායම දක්ෂතා පෙන්නන්නෙ නිසි නායකත්වය ඇතිව කලයුත්තේ කුමක්ද කෙසේද දන්වා නිසියාකාරව වගකීම් පැවරීමෙන් තමයි එහෙම නැතුව එක් එක් ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා මහ ඇමතිලා මාසිකව ලොක්කන්ට කප්පම් මුදල් ඉල්ලනවා නම් මැති ඇමතිලාට කටයුතු කරන්න බැහැ යහපාලනය කාලයේ අධ්‍යාපන හා මහාමාර්ග හැදුවා වගේ නොගැලපෙන ඇමති තනතුරු දීමත් අසාර්ථක වෙන්න හේතුවක් වෙනවා

:       0       0

Ajith Wednesday, 31 July 2024 08:34 AM

රට වට්ටපු එකාගෙන් ,රට නගන්න සහාය ඉල්ලලා ,මාර ජෝක්

:       0       0

මැක්ස් Wednesday, 31 July 2024 10:33 AM

ත්‍රස්තවාදී යුද්ධය පැවති සන්ධියේදී සහ ඉන්පසු උදාවූ සංවර්ධන කාර්යයන්හිදී මහින්ද මහතාට එරෙහිව ඔබතුමා අනුර ප්‍රමුඛ ජවිපෙ කල්ලිය මෙහෙයවමින් දේශපාලන දාදු ක්‍රීඩාවේ නොයෙදිණි නම් සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙයට වඩා ඉහළ තැනක සිටිනු ඇත. එසේම ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ව්‍යවස්ථා සභා වැනි ඔලමොට්ටල තකතීරුකම් නොකළේ නම් පොලිස්පතිවරයකු පත් කර ගැනීමට නොහැකි වීම වැනි අර්බුද මතු වන්නේ නැත.

:       1       4

fairoos Wednesday, 31 July 2024 11:28 AM

කන්න ඕනෑ වුණොත් කබරයාත් තලගොයා වෙනවා නේද? එදානම් කිව්වේ තනියෙන් කියලා නේද?

:       0       4

Rata Perata Wednesday, 31 July 2024 11:56 AM

මේක තමයි ගත්ත වැරදීම තීරණය .ගෙවමින් හිටිය ණය ගෙවන්නේ නැතුව .තව ඩොලර් බිලියන 4 ක ණයත් අරගෙන පෝලිම් නැති කළා කියලා උද පනිනවා , මේ වගේ ළදරුවෙක් ට පුලුවන්ද රටක් පාලනය කරන්න ?

:       3       13

සුපිරි මොළ Wednesday, 31 July 2024 05:49 PM

මහින්ද, ගොටාභය ත්‍රස්තවාදය පරාජය කළා. කොළඹ ඉඳලා හම්බන්තොටට පැය දෙකෙන් යන්න හැදුවා. අරගලේ වෙලාවේ සිංහලයාට එක වෙඩි උණ්ඩයක් පත්තු නොකර මහා බැංකුව හොරා කාපු කෙනාට කියලාම මහා බැංකුව පුරවන්න වැඩේ කළා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site