IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනාධිපති මහ මැතිවරණයකට යාම පොරොන්දු කැඩීමක්

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන්න  නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පැවසීය.

ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17 වැනිදා සිට ඔක්තෝම්බර් 17 අතර කාලයේදී ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව  රණවක මහතා කීය.

මේ වනවිට කතා බහට ලක්ව ඇති පාර්ලිමේන්තුව විසුරුවීමේ ක්‍රියාදාමය පාර්ලිමේන්තුවේ 113කගේ යෝජනා සම්මතයෙන් සිදුවීම කිසිදු ප්‍රශ්නයක් නොමැති වුවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කරා යාම පිළිගත නොහැකි බව රණවක මහතා කීය.

එය ජනාධිපතිවරයා පත්වීමේදී දුන් පොරොන්දු කඩ කිරීමක් බව රණවක මහතා සඳහන් කළේය.

එක්සත් ජනරජ පෙරමුණේ  මාතර දිස්ත්‍රික් කාර්යාලය විවෘත කරමින් රණවක මහතා මේ බව කීය.



අදහස් (1)

ජනාධිපති මහ මැතිවරණයකට යාම පොරොන්දු කැඩීමක්

මාලන් Monday, 20 May 2024 09:10 PM

ඔව්! එහෙම උනොත් එල්ලෙන්න වැලක් නැතිවෙන සයිස් එකක් තියෙන්නේ. දැක්කනේ කිරිඇල්ල හාමු බණ්ඩාර උන්නැහැට කරපු තරවටුව!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site