IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ගාලුමුවදොර අරගලභූමියට යයි

(ඩයනා උදයංගනී)

අරගලයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම වහා නවත්වන ලෙස හා අත්අඩංගුවට ගත් පිරිස් නිදහස් කරන ලෙස ඉල්ලා කිතුණු ආගමික පූජකවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ගාලුමුවදොර උද්ඝෝෂණ කලාපයේ පිහිටි අරගල භූමියට පැමිණ අද (29) පැමිණ විරෝධතාවක නිරත වූහ.

‘සිවිල් සමාජයේ අප සාධාරණ අරගලය සමඟයි’, අනීතික අත්අඩංගුවට ගත් පුද්ගලයන් වහා නිදහස් කරනු’ ආදී පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සහ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ (විද්‍යුත්) ශානුක කරුණාරත්න යන මහත්වරු ද මේ අවස්ථාවේ ගාලුමුවදොර අරගල භූමියට පැමිණ විරෝධතාවයේ නිරත වූ කිතුණු ආගමික පූජකවරුන් ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවක නිරත වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලයට යන අතරතුරදීගාලු මුවදොර අරගල බිමේ පැවැත්වෙන විරෝධතාවය දැක ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔවුන් එම ස්ථානයට ගොස් ඇත.

විරෝධතාකරුවන් සමඟ සාකච්ඡාවක නිරත වූ ඔවුහු පසුව එම ස්ථානයෙන් පිටව ගියහ.



අදහස් (8)

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ගාලුමුවදොර අරගලභූමියට යයි

Bamunuarachchi Friday, 29 July 2022 03:00 PM

අපිට පව්නොදී යනවද දෙවියන්ගේ නාමෙට..? කතෝලික බලවේගය ක්‍රමයෙන් මුට්ටිය දානවා වගෙයි...

:       68       47

BamunuarachchiFriday, 29 July 2022 03:42 PM

මේ ඩිස්ලයික් දාපු උන්දැලා බෞද්ධයින් නම් කතෝලික බලවේගය නොහොත් කැතලික් ඇක්ෂන් කියන්නේ මොකක්ද කියලා දන්නවද?

:       33       31

M.vijithaFriday, 29 July 2022 10:16 PM

සිරිමාවෝ මැතිණිය පල්ලියේ පාසල් රජයට පවරා ගන්නා විටද, ඉන්පසුවද අද කරන දේ එදා පල්ලිය කළා. අනාථ දරුවන් පිටරටවලට මොරටුවේ පල්ලි හරහා විකුණලා අහු වුණා. ඔය සභා ඔක්කොම රාජ්‍ය උත්සව වර්ජනය කරනවා කියලා එදා ඒ නීති විරෝධී වැඩ වැහුවා.

:       0       2

BamunuarachchiSunday, 31 July 2022 10:26 AM

මේ ගොල්ලොම තමයි සාමපුර් විදුලිබලාගාරය ගොඩ නගනවාට විරුද්ධ උනේ. මේ රටට අකුල් හෙලන කණ්ඩායමක්. LTTE ප්‍රහාර එල්ලවෙන කාලේ මේගොල්ලෝ කොහෙද හිටියේ?

:       0       1

sam Friday, 29 July 2022 03:13 PM

වරදානවලට ඔලුව පත්කරගෙන හාමුදුරුවරු දේශපාලුවන්ගේ පැත්ත අරගෙන හැංගිලා... ඒ වුණාට කිතුණු ආගමික නායකයින් පෙරට ඇවිල්ලා ජනතාව වෙනුවෙන් පෙනී සිටීම කොච්චර අගේද? හාමුදුරුවරු හැමදාම කළේ හොර දේශපාලුවන්ට කඩේ ගිය එකමයි. ලැජ්ජයි...!

:       34       49

BamunuarachchiFriday, 29 July 2022 03:48 PM

අපි දැක්කා පාස්කු ප්‍රහාරයේදී එළිබැස්ස හැටි... කෝ දැන් පාස්කු ප්‍රහාරය ගැන කතා පරීක්ෂණ ඉල්ලනවාද? නැහැනේ?

:       21       33

ලුම්බිණි Friday, 29 July 2022 05:23 PM

මේවා බොරු ෂෝ. මේ පියතුමන්ලාට අපේ ප්‍රණාමය..!.

:       11       20

මැක්ස් Friday, 29 July 2022 08:24 PM

මේ අරගලයින් පසුපස සිටින බළල් අත් දැන් ටික ටික එළිවෙනවා. මේ උන්දැලාගේ අවසාන අරමුණ මේ රටෙහි යම් පමණකට හෝ ඉතිරිව ඇති සිංහල බෞද්ධ සංස්කෘතිය අතුගා දැමීමයි. බ්‍රවුන්රිග්ගේ වර්තමාන මුණුපුරන් ඒ සඳහා යොදා ගැනීමට තරම් ඔවුන් සූක්ෂමයි. රුවන්වැලි සෑ රජුන් ඉදිරිපිට සිට ගෝඨා මහතා සිංහල බෞද්ධ ඡන්දයෙන් තමා බලයට පත්වූ බවට කළ නිර්දේශපාලනික නිර්භීත ප්‍රකාශය සමඟ මිසදිටු බලවේග ඔහු හා වෛර බැඳ ගත්තා. ඉන් පලි ගැනීමට ඔවුන් විසින් ආර්ථික අර්බුදය ඉතා සාර්ථකව යොදවා ගත්තා.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site