IMG-LOGO

ජනාධිපති නීතීඥ සංජීව සහ ආචාර්ය රානී මුදල් මණ්ඩලයට දිගටම

මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ අඛණ්ඩව සේවය කිරීමට එකඟ වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඔවුන් දෙදෙනා අඛණ්ඩව කටයුතු කිරීමට එකඟ වීම සම්බන්ධයෙන් නව අධිපතිවරයා ලෙස තමන් ඉමහත් සතුටට පත්වන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර ඇත.

ඔවුන් පෙරදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සෑම විටම ඉතා ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමයභාවය ආරක්ෂා කරගනිමින්, කාර්යක්ෂමව ක්‍රියා කර ඇති අතර, මහ බැංකුවේ සියලුම කටයුතු සඳහා ඉතා ධනාත්මකව දායක වී ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා පවසා ඇත.

ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ පූර්ණ විශ්වාසයක් මා සතුව පවතින බැවින්, ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය සහ අගනා මඟපෙන්වීම ජාතියටත්, මුදල් මණ්ඩලයටත්, අධිපතිවරයා ලෙස මටත් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. 

( 055)

 



අදහස් (3)

ජනාධිපති නීතීඥ සංජීව සහ ආචාර්ය රානී මුදල් මණ්ඩලයට දිගටම

ab Sunday, 10 April 2022 05:54 PM

දේශපාලකයන් විසින් පත්කරන්නාවූ පුදගලයන් වෙනුවට මහ බැංකු අධිපතිවරයාම ඔහුට අවශ්‍ය සුදුසුම අවංක පිරිස තොර ගැනීමට සහ දේශපාලන මැදිහත්වීම් වලින් තොරව එම තෝරා ගැනීමට අවකාශ ලැබීම වැදගත්වේ

:       0       0

මැක්ස් Sunday, 10 April 2022 05:56 PM

අපගේ මව්බිම ආර්ථික වශයෙන් කිසියම් යහපත් දිශානතියකට යොමු කිරීමට ඔබ සැමට හැකියාව ලැබේව. යන්නන් වාලේ යමින් රැල්ලට ආණ්ඩු විරෝධී උණු නොමේරු හාදයින්ගේ වයිරයට ඉදිරියේදී ඔබ පාත්‍ර උනත් ඔබගේ යුතුකම රට වෙනුවෙන් කළ මැනවි.

:       0       0

අතුල සෞදි Sunday, 10 April 2022 06:20 PM

ඒ කියන්නෙ ඔවුහු මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් ස්වාධීනව සිය නිරීක්ෂණයන් හා මගපෙන්වීම් ලබාදුන ද දේශපාලන බලාධිකාරය විසින් ඒවා නොසලකා හැරිය කියන එකනෙ. ඔබතුමාටත් මෙවැනි තත්වයක් උදා උනොත් රටේ මහජනතාව වශයෙන් අපට තියෙන විකල්පය හා නීතිමය රැකවරණ කුමක්ද ? ( දේශපාලකයා යනු විස්වාසය කල නොහැකි සත්ව කොට්ඨාසකි.)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 939 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1323 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site