IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


“ජනාධිපති එට්කා ගිවිසුමට අත්සන් කළේ නෑ“

(විමුක්ති එස් රුද්‍රිගු)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී එට්කා ගිවිසුමට අත්සන් නොතැබූ බවත් එට්කා පිළිබඳව මෙතෙක් ඇති වී තිබෙන එකඟතාවන් තවත් සාකච්ඡාවලට භාජනය කරමින් සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට පමණක් ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද(20) ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එට්කා ගිවිසුම එසේත් නැතිනම් ශ්‍රී ලංකා - ඉන්දීය ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක්, සංවාදයක් කාලයක සිට පැවත එන බවත් ජනාධිපතිවරයා රටට හානිදායි කිසිම ගිවිසුමකට අත්සන් නොතබන බවත් එහිදී අමාත්‍යවරයා පැවැසුවේය. ඉන්දීය සංචාරයෙන් පසුව එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරන බවට කටකතා පැතිර ගිය බවත් එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේන දෙරට අතර මීට දශක කීපයකට  පෙර අත්සන් තැබූ නිදහස් වෙළඳ ගිවිසුම අලුත් කර ඉදිරියට ගෙන යාමටද රජය බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සාකච්ඡා පැවැත්විය යුතු බවට දෙපාර්ශ්වය එකඟ වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

සමස්ථයක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කර ගත්තේ අවබෝධතා ගිවිසුම් දෙකක් පමණක් බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසුවේය.

ඉන් එක් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ මෙරට රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය සේවය පිළිබඳ පුහුණුවක් ලබාදීම සඳහා බවත් ඒ යටතේ අවුරුදු පහක කාලයක් තුළ එක් රාජ්‍ය සේවයකුට සති දෙකක පුහුණු කාලයක් ලැබෙන පරිදි රාජ්‍ය සේවකයන් 1500 කට ඉන්දියානු රාජ්‍ය සේවයේ පුහුණු කිරීමේ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලැබුණු බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

අනෙක් අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ දෙරට අතර පවතින බදු ක්‍රමයන් යටතේ ද්විත්ව බදු පැනවීම වැළැක්වීමට බවද අපේ රටේ යම් ව්‍යාපාරයක් ඉන්දියාවේ කටයුතු කරනවා නම් හෝ ඉන්දියාවේ යම් ව්‍යාපාරයක් මෙරට කටයුතු කරනවා නම් එම ව්‍යාපාරයට එකම කරුණට දෙරටේම බදු ගෙවීමේ ක්‍රමය වළක්වා ගැනීම එහි හරය වූ බවද අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. මෙම අවබෝධතා ගිවිසුම දෙරටටම වාසිදායක වූ බවද අමාත්‍යවරයා පැවැසුවේය.

මෙම කරුණු දෙක හැර වෙනත් කිසිම කරුණක් සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවයන්ට නොපැමිණි බවද ඔහු ප්‍රකාශ කළේය. තවත් යෝජනා පිළිබඳව, තාක්ෂණික කටයුතු පිළිබඳව සහ ඇතැම් ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් දෙරට අතර දීර්ඝකාලීන සාකච්ඡා පැවැත්වුණු බවද ඔහු පැවැසුවේය. සාකච්ඡා කළා යනු ගිවිසුම්වලට එළැඹීමක් නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (3)

“ජනාධිපති එට්කා ගිවිසුමට අත්සන් කළේ නෑ“

පැරකුම් Saturday, 21 December 2024 10:36 AM

අන්ත පරාජයට පත්ව යන එනමන් නැතිව වල්වැදී සිටින විවිධ පාර්ශ්වයන් මෙවැනි අභූත චෝදනා කරමින් තේරී පත්වූ රජය අපකීර්තියට හා අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් මෙවැනි දේ කිරීම පුදුමයක් නොවේ. අහන්නා සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි.

:       10       8

Rawidu Saturday, 21 December 2024 04:17 PM

පැරකුම් කියන්නේ රජෙක්නම් වෙන්න බැහැ. හොඳට අතගාලා බලන්න...

:       1       5

Rodni Saturday, 21 December 2024 10:01 PM

එතකොට සියඹලා ගෙනාවේම නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site