IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනාධිපති උපදේශකවරු දෙදෙනෙක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර සහ ශෙනුකා සෙනෙවිරත්න මහත්ම මහත්මීන්  පත් කරනු ලැබ ඇත. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම් සිදු කර තිබේ.  

මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙසත්, මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය  ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ධූරයේත්  රාජකාරී ආරම්භ කළහ.

කැලණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති මද්දුමබණ්ඩාර මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් ධූරය ද දැරීය.

ජාත්‍යන්තර මාධ්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට පත්කර ඇති ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය මෙරට රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල අත්දැකීම් රැසක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන අතර විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ධූරය ද හෙබවීය.

ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්,  තායිලන්තයේ  ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය ලෙස ජිනිවා සහ නිව්යෝර්ක්හි කටයුතු කර ඇත.



අදහස් (7)

ජනාධිපති උපදේශකවරු දෙදෙනෙක්

sulakshana Thursday, 28 July 2022 01:53 PM

තනතුරු තිබී ඇත. කරපු වැඩ නැත.

:       1       7

sena Thursday, 28 July 2022 02:10 PM

ඔය කවුරු පත්කරත් වැඩක් නැහැලු මනෝ වෛද්‍යවරයෙක් නැතුව.

:       2       14

Hafeel Thursday, 28 July 2022 02:21 PM

මනෝ වෛද්‍යවරයාටත් පිස්සු හැදේවි මුන්ට උපදෙස් දෙනකොට.

:       3       16

Hafeel Thursday, 28 July 2022 02:27 PM

සාගලත් රනිල්ගේ උපදේශකයක්. දැන් තවත් උපදේශකයො දෙන්නක්. ඒකෙන් තේරනව නේද ජනාධිපතිගේ බුද්ධිය ගැන. කරුණා සහ පිල්ලයානුත් කාලයක් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන විට උපදේශක. මෙච්චර උපදේශකලා පත් කරලත් රට බංකලොත් වෙලා.

:       2       13

thilakThursday, 28 July 2022 05:56 PM

සාගල නැතුව කොහොමද?

:       0       5

sharm warn Thursday, 28 July 2022 04:02 PM

මේ තනතුරුවලට පඩි ගෙවන්නෙ කවුද? අපිද?

:       1       7

විපරමා Thursday, 28 July 2022 06:01 PM

ජනවරමක් නැති ජනපතිට මොන උපදේශකයොද? ජනපතිට කඩේ යන්ඩනම් හොදා?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site