IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජනාධිපති අපේක්ෂකයෝ 19 දෙනෙක් තවමත් හැංගිලා

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අපේක්ෂකයන් 19 දෙනකු ජනාධිපතිවරණයට අදාළව අද (10) වන විටත්  කිසිම ප්‍රචාරක කටයුත්තක් කර නොතිබූ බව  තොරතුරු අනාවරණය වී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් එම සංවිධානය ඊයේ  විශේෂ අධ්‍යයනයක් ආරම්භ කළේය.

සමහරුන් පක්ෂ කාර්යාලයක් හෝ ඉදිකර නැතැයි තොරතුරු අනාවරණය වන බව පැවසූ හෙට්ටිආරච්චි මහතා
සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා ගුවන් කාලය ලබාගෙන ඇත්තේද අපේක්ෂකයන් දස දෙනෙකු පමණක් බවද ඔහු සඳහන්  කළේය.

මේ අතර සමහර අපේක්ෂකයන් සොයාගැනීමට පවා නොහැකිවී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ තිස් අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති. දැනට ප්‍රචාරක කටයුතුවල සක්‍රීයව දායකව සිටින්නේ අපේක්ෂකයන් දස දෙනකු පමණි.

ඉතිහාසයේ  වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදීය.



අදහස් (3)

ජනාධිපති අපේක්ෂකයෝ 19 දෙනෙක් තවමත් හැංගිලා

Chinthaka Wednesday, 11 September 2024 04:15 AM

නාමයෝජනා ඉදිරිපත් කර නිහඩව ඉන්නවා කියන්නෙ ජාතික ධනය කාබාසිනියා කිරීමක් නිසා ඔවුන් වෙනුවෙන් වියදම් කළ මුදල් අයකර ගැනීමට ජනාධිපතිවරණය අවසන් වූ වහාම නීතියක් සකසා කටයුතු කරන්න ඕන ඔවුන්ගේ ක්‍රියාවන් ත්‍රස්තවාදී ක්‍රියා ලෙසට හදුන්වන්න පුළුවන් අයකර ගැනීමට ඔවුන්ට වත්කමක් නැත්නම් අවුරුදු පහකට වත් ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කටයුතු කලොත් හොදයි

:       0       15

ravin Wednesday, 11 September 2024 06:04 AM

මෙවැනි අයට කළ යුතු කාර්ය වෙනුවෙන් මුලු මැතිවරණ වියදම් ඉදිපත් වෙන්න අපේක්ෂකයින් ගණනින් බෙදා එක් එක් කෙනාගේ නැවත අයකරගැනීමට කටයුතු කිරිම පමණි...

:       0       21

C.K.Lankaputhra Wednesday, 11 September 2024 07:02 AM

මේ වගේ අමන ක්‍රියා ඉදිරියේදී සිදු නොවීමට නීති සම්පාදනය කළ යුතුයි.

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site